මං අයින් වුනොත් ක්‍රිකට් කඩා වැටෙනවා තිලංග කියන අලුත් කතාව

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත්ව ඇති පරාජයේ මඟට හේතුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් ඉහළ නිළධාරීන්ගේ තීරණ හා ක්‍රියා කලාපයන් බවට අර්ජුන රණතුංග වැනි දේශපාලනඥයින් මෙන්ම සමාජයේ බොහෝ පිරිස් දෝෂාරෝපණ එල්ලකර තිබුණා.

එමෙන්ම වත්මන් ක්‍රිකට් සභාපති ලෙසින් කටයුතු කරන තිලංග සමුතිපාලට ඉල්ලා අස්වන ලෙසින්ද බොහෝ පිරිසක් බලකර සිටියා. කෙසේ නමුත් මේ වන විට තිලංග සුමතිපාල විසින් පවසා ඇත්තේ තමා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් එය කඩාවැටෙන බවට තමන් පත්කළ නිළධාරීන් විසින් පවසන බවයි.

ඒ නිසා ඔහු මෙහි රැදී සිට අනාගතයේදී ක්‍රිකට් දියුණු කරන බවත් කිසිවෙකු මේ වනතෙක් තමන්ට ඉල්ලා අස්වන ලෙසින් පවසා නැතිබවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෝලි ශතකයන්වලින් වාර්තා තියද්දි අපේ රටේ නමට අවමානයක්

ඉන්දීය කණ්ඩායම සමඟින් ඊයේ (3) පැවති තරඟයත් පරාජය වීම සමඟින් තරඟාවලිය 5-0 ලෙසින් ජය ගැනීමට ඉන්දිය පිල සමත් වුණා. මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා පිල පන්දුවෙන් මෙන්ම පිතිකරණයෙන්ද දැක්වූ අඩු දක්ෂතා මෙම පරාජයට හේතු වූ බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

මෙම තරඟයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලී නොදැවි ලකුණු 110ක් රැස් කිරීමට සමත්වුණු අතර ඒ ඔහුගේ 30ස් වන ජාත්‍යන්තර එක්දින ශතකයද වනවා.

මීට අමතරව 2017 වස‍ර තුල එක්දින ලකුණු 1000 සම්පූර්ණ කිරීමටද කෝලී සමත් වුණු අතර මෙම ශතකය කෝලි විසින්
ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ සිය අටවෙනි එක්දින ශතකයද වනවා.

එක් ක්‍රීඩකයෙක් , එකම ප්‍රථිවාදී කණ්ඩායමකට එරෙහිව රැස් කළ වැඩිම ශතක වාර්තාවේ දෙවන ස්ථානය ලෙසද ශ්‍රී ලංකාවට එරෙහිව අටවෙනි එක්දින ශතකය වාර්තා කළ කෝලීගේ ශතකය වාර්තා අතරට එක්වුණා. එමෙන්ම ශ්‍රී ලංකා පිලක් සිය මව්බිමදී තරඟ 5-0 ලෙසින් පරාජයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසින්ද වාර්තා අතරට එක්ව තිබීම විශේෂත්වයක්.

කැරිබියන් පිටිය දෙවනත්කල ලෙවිස්ගේ සුපිරිම ඉනිම මෙන්න

කැරිබියන් පිටිය දෙවනත්කල ලෙවිස්ගේ සුපිරිම ඉනිම මෙන්න
පන්දු 30 ට ලකුණු 97ක් 6 පහර 11 ක්

කෝලි නිසා අවසන් තරගයත් පරාදයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන් එක්දින තරගාවලියේ අවසන් තරගය කෙත්තාරාම ක්‍රිඩාංගනයේ පැවෙත්වෙන්වා .පලමුව පන්දුවට පහරදුන් ලංකාව ඔවර් 49.4 තුලදි සියලු දෙනා දැවි ලකුණු 238 රැස්කලා මෙහිදි ආරම්භක පිතිකරුවු උපුල් තරංග ලකුණු 48 ලබාගත්තා.ළහිරු තිරිමාන්න හා මැතිවුස් එක්ව හොද සභදතාවක් ගොඩ නැගිමට සමත්වුනා ලහිරු තිරිමාන්න ලකුණු 67ක් හා මැතිවුස් ලකුණු 55ක් ලබාගැනිමට සමත්වුවද ඔවුන් මුහුනදුන් පන්දු ගනණ වැඩි බව පෙනිගියා.තිරිමාන්න ලකුණූ 67 ලබා ගැනිමට පන්දු 102 වැය කල අතර.මැතිවුස් ලකුණු 55 ලබාගැනිමට පන්දු 98ක් වැය කල තිබුනා.එ අනුව පෙනියන්නේ ඩොට් බොල් වැඩි ගනනක් වැය කර තිබිමයි දල වශයෙන් ඔවර් 15ක් පමණ වැය කර තිබිමයි

පිලිතුරු ඉනිම ක්‍රිඩාකල ඉන්දියාව කඩුලු 4 දැවි නියමිත ලකුණු ගනන ලබාගෙන තරගය හා තරගාවලිය 5-0 ලෙස ජයගත්තා

කොලි 30 වන ශතකය ලබා ගැනිම කැපිපෙනුනා

g2 g1

අපේ ක්‍රිකට් ටීම් එකේ කොල්ලෝ ගන්න සුපිරි වැටුප් මෙන්න

අද අපි කියන්නේ යන්නේ දින්නත් පැරදුනත් අපේ ක්‍රිකට් ටීම් එකේ කොල්ලෝ ගන්න සුපිරි වැටුප් ගැනයි. මුලින්ම කියන්න ඕනි මේක දාන්නේ අපේ කොල්ලන්ට අපහස කරන්න නෙවෙයි. මොකද ඔය තැනට යන්න මේ කොල්ලෝ හිතා ගන්න බැරි කැපකිරීම් කරල තියනවා.රෑ දවාලක් නැතුව පුහුණුවීම් කරල,පවුලෙන් මාස ගණන් ඈත් වෙල ඉදලා තමයි මේ ගමන ගොඩක් ක්‍රීඩකයෝ ඇවිත් තියෙන්නේ.ඉතින් ඒකට අපි රටක් වශයෙන් ගරු කරනවා. ඒ වගේම අපේ කොල්ලොත් මීට වඩා උනන්දු වෙන්න ඕනි රට වෙනුවෙන් තවත් උනන්දු වෙලා ක්‍රීඩා කරන්න.පහත වීඩියෝවෙන් එම වැටුප් පිළිබද සියලුම විස්තර ඔයාලට දැනගන්න පුලුවන්

 

ඊයේ රෑ මාලිංගගේ ගෙදර තිබුණු සුපිරි පාටියේ හොදම ටික මෙන්න

එක්දින කඩුලු 300ක් ලබා ගැනීම සහ සංචාරක ඉන්දීය කණ්ඩායමට සුභ පැතුම් එක්කිරීම සඳහා සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංගගේ කොළඹ පිහිටි සුපිරි නිවසේදී ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම, සංචාරක ඉන්දීය කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මහේල ජයවර්ධන ඇතුලු හිටපු ක්‍රීඩකයින්ද මෙම සාදයට සහභාගී විය.

ඉන්දීය කණ්ඩායම හමුවේ දරුණු පරාජයක් ලැබ සිටියද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඒ පිළිබඳව කිසිදු පසු තැවීමකින් තොරව තමන්ගේ කටයුතු වල යෙදෙන අතර එය දරාගැනීමේ හැකියාව අතින් ඉහළ පෞරෂයක් අපේ කණ්ඩායමට තිබෙන බව සනාථ කෙරෙන කරුණක්ද වේ.

ඊයේ සාදයේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

43

42 (1)

article-doc-8v75a-57KxQWTOmr0144bba054c17443c2-173_634x421

“මම එතැනට ආවොත් ප‍්‍රධාන ක‍්‍රීඩකයෝ බෝහෝ දෙනෙක් මාත් එක්ක වැඩට බහිනවා”

ක්‍රිකට්‌ ක්‍රීඩාව මෙරට ආගමක්‌ නම් එහි ශාස්‌තෘවරයා වන්නේ ලෝක කුසලානය මෙරටට දිනාදුන් හිටපු ටෙස්‌ට්‌ සහ එක්‌ දින ක්‍රිකට්‌ කණ්‌ඩායම් නායක අර්ජුන රණතුංග මහතා යෑයි හඳුන්වාදීම වරදක්‌ නැති තරම්ය.

මෙරට ක්‍රිකට්‌ කණ්‌ඩායම දිගින් දිගටම ලබමින් ඇති පරාජයන් හමුවේ ක්‍රිකට්‌ ලොව දික්‌විජය කළ කණ්‌ඩායමක්‌ මහපොළවට සමතලා වෙමින් යද්දී ඒ පිළිබඳ විමසා බැලීමට අප ඔහුව මුණගැසුණෙමු. ක්‍රිකට්‌ ක්‍රීඩාවට උදාවී ඇති තත්ත්වය, ඊට වගකිවයුත්තේ කවුරුන්ද? එය නැවත ගොඩනැගීමට කළ යුත්තේ කුමක්‌ද? තේරීම් කමිටුව ඉල්ලා අස්‌වීම, ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ කටයුතු මතු නොව ක්‍රීඩා ඇමැතිවරයා පිළිබඳව අපි අර්ජුන රණතුංග මහතාගෙන් විමසා බැලුවෙමු.

පහතින් පෙළගැසෙනුයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ඇමැතිතුමා කලකිරීමෙන්ද පසුවන්නේ?

පිළිතුර – සෑහෙන දුරට කලකිරිලා ඉන්නේ.

ප්‍රශ්නය – කලකිරීමෙන් ඉන්නේ ක්‍රිකට්‌ ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය ගැනද, එසේ නැතිනම් පවතින දේශපාලන තත්ත්වය ගැනද?

පිළිතුර – ක්‍රිකට්‌ ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය පිළිබඳව තමයි කලකිරිලා ඉන්නේ.

ප්‍රශ්නය – ආණ්‌ඩුව ගැන කලකිරීමක්‌ නැද්ද?

පිළිතුර – නැහැ. දේශපාලනය ගැන කලකිරීමක්‌ නැහැ. මුල් අවුරුදු දෙකේ බොහොම අමාරුවෙන් ඇදගෙන ගියා. එහෙම වුණේ රටේ ආර්ථිකය දුර්වල තැනක තිබූ නිසයි. අපි අද වෙනකොට එය හොඳ තැනකට ගෙනත් තිබෙනවා. රටේ ප්‍රධානම පක්‍ෂ දෙක එකට එක්‌වී රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ඉදිරියට යනවා.

ප්‍රශ්නය –  අප රටට ලෝක කුසලානයක්‌ දිනා දුන් නායකයා ලෙස දැන් අප රටේ පවතින ක්‍රිකට්‌ ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර – මේ ක්‍රිකට්‌ පරිපාලනය අපේ ක්‍රීඩකයන්ගේ මනස විකෘති කරල තිබෙන්නේ. ඒ වගේම ක්‍රීඩකයන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක්‌ නැතිවෙලා. ක්‍රිකට්‌ ගැන නොදන්න අය ක්‍රිකට්‌ ක්‍රීඩාව විනාශ කරලයි තිබෙන්නේ.

ප්‍රශ්නය – නොදන්න අය කිව්වේ කාටද ඇමැතිතුමා?

පිළිතුර – පරිපාලනයේ ඉන්න ක්‍රිකට්‌ සභාපතිවරයා තමයි නොදන්නවා කිව්වේ. අප රටේ සිටිය හොඳම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දෙපළක්‌ වන සනත් ජයසූරිය හා අසංක ගුරුසිංහ දෙපැත්තේ සිටියදී ඔහු ක්‍රිකට්‌ ගැන කතා කරනවා. ගාමිණි දිසානායක, ටිරෝන් ප්‍රනාන්දු මහත්වරු කවදාවත් ඔය දේ කළේ නැහැ. දැන් ක්‍රිකට්‌ ගැන කතා කරන්නේ සුමතිපාල. පරිපාලනය ගැන කතා කරන්න කවුරුවත් නැහැ.

ප්‍රශ්නය – තිලංග සුමතිපාල මහත්මයා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති වුණේ නිලවරණයකින්.

පිළිතුර – නීතිය අනුව නුසුදුසු අයයි සහභාගි වුණේ. අපි ඊට විරුද්ධව චෝදනා පත්‍ර යොමු කළා. මේ ගැන ක්‍රීඩා අමාත්‍යාංශය තනිකර බොරුවක්‌ කළේ. පසුව අපි මානව හිමිකම් එකට ගියා. අවුරුද්දක්‌ ගත වුවත් වාර්තාවක්‌ නැහැ. මේවා සිදුවන්නේ අපි හදපු ආණ්‌ඩුවක්‌ තුළයි. ඒකයි අපි කියන්නේ මේවා හැදෙන්න ඕන කියලා.

ප්‍රශ්නය – ඔබ ඔය සඳහන් කරන කාරණා සඳහා වගකිව යුත්තේ කවුරුන්ද?

පිළිතුර – ක්‍රීඩා ඇමැතිවරයා තමයි වග කියන්න ඕනෑ. ඔහු ක්‍රීඩා නීතිය දන්නේ නැත්නම් තනතුර දැරීමෙන් පලක්‌ නැහැ. තිලංග සුමතිපාල මේ තනතුර සඳහා සුදුසු නැත්තේ ඇයි කියලා මම ලිඛිතව දන්වා තිබෙනවා. කිසිවකට මේ දක්‌වා උත්තරයක්‌වත් නැහැ. මේ ක්‍රීඩා ඇමැතිවරයා මේ පුද්ගලයාව ආරක්‍ෂා කරන බව මේ අනුව පෙනෙන දෙයක්‌.

ප්‍රශ්නය – ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපතිව ආරක්‍ෂා කරන්නේ ඇයි කියලද ඔබ හිතන්නේ.?

ප්‍රශ්නය – දේශපාලන හේතු නිසාද වෙනත් ලාභ ප්‍රයෝජන නිසාද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ හරහා ක්‍රිකට්‌ ක්‍රීඩාව නැත්තටම නැති වෙනවා.

ප්‍රශ්නය – වර්තමානයේ ක්‍රිකට්‌ ක්‍රීඩාව පත්ව ඇති ඉරණම පිළිබඳ ඔබ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව දන්වා සිටියා. ඊට ලැබුණු ප්‍රතිචාර කෙබඳු ද?

පිළිතුර – එය ලබාදීලා තවම දවස්‌ තුන හතරයිනේ. ඉන්දියානු සංචාරය අවසන් වනවිට ක්‍රිකට්‌ පත්ව තිබෙන තත්ත්වය මේ ගැන සාකච්ඡා විය යුතුයි. ක්‍රිකට්‌ ක්‍රීඩාව නිසා මීළඟ මැතිවරණයේ ප්‍රතිඵලත් යම් වෙනසක්‌ විය හැකියි.

ප්‍රශ්නය – ක්‍රිකට්‌ අතුරු පාලක මණ්‌ඩලයක්‌ පත් කළ යුතු බව ඔබ සඳහන් කර තිබුණා.

පිළිතුර – ක්‍රිකට්‌ අතුරු පාලක මණ්‌ඩලයක්‌ පත් කළ යුතුයි.

ප්‍රශ්නය – එවිට ක්‍රිකට්‌ නගාසිටුවන්න හැකිවේවිද?

පිළිතුර – අනිවාර්යයෙන්ම හැකි වෙනවා. හරි පුද්ගලයන් ඒකට ඇතුළත් කළ යුතුයි.

ප්‍රශ්නය – එයට ඔබතුමා ඇතුළත් විය යුතුයි කියලද කියන්නේ.

පිළිතුර – මොන වැඩක්‌ තිබුණත් මට එය භාර දුන්නොත් මම ගන්නවා.

ප්‍රශ්නය – ඔබට අවශ්‍ය සහාය ලැබෙයිද?

පිළිතුර – මම ඔතැනට පැමිණියහොත් ප්‍රධාන ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක්‌ මා සමග වැඩට බහිනවා. ලෝක කුසලානය දිනූ කණ්‌ඩායමේ ක්‍රීඩකයෝ කිහිපදෙනකුම ක්‍රිකට්‌ පරිපාලනයේ ඉන්නවා. නමුත් ඔවුන්ට වැඩක්‌ කරන්න දෙන්නේ නැහැනේ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම දිගින් දිගටම ලබන පරාජයත් සමග කණ්‌ඩායමේ සිදුවන වෙනස්‌කම් ගැන ඔබගේ අදහස කෙබඳු ද?

පිළිතුර – පරාජයන් සමග හිටපු පුහුණුකරුට දොස්‌ කියලා එළවලා දැම්මා. ඉන්පසු ඇන්ජලෝ මැතිව්ස්‌ එළවලා දැම්මා. මගේ පෞද්ගලික මතය එය නොකළ යුත්තක්‌ බවයි. මම ක්‍රිකට්‌ පරිපාලනයේ සිටියනම් එය සිදුවන්න දෙන්නේ නැහැ. මැතිව්ස්‌ කියන්නේ මම දැකපු හොඳ නායකයෙක්‌.

ප්‍රශ්නය – පරාජයන් සමග ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඉල්ලා අස්‌වුණා. ඒ ගැන අදහස කෙසේද?

පිළිතුර – අන්තිමට කුණුගොඩ ගියේ තේරීම් කමිටුවට. හැබැයි පරිපාලනයේ අය අස්‌වෙන්න තියා ක්‍රිකට්‌ බෝඩ් එකෙන් එළියට එන්නේවත් නැහැ. එතැන ඉන්නේ කූඩැල්ලෝ ටිකක්‌. ඔවුන් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සාරය උරාබොන කූඩැල්ලෝ ටිකක්‌. හම්බ කර ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රායයි. මේ අය ක්‍රිකට්‌වලට කළ විනාශය පිළිබඳ මම විවෘතව හෙළි කරනවා. එවිට මහ මැතිවරණයේදී එහි ආදීනව එම අයට ලැබේවි.

ප්‍රශ්නය – තේරීම් කමිටුව ඉල්ලා අස්‌වීම ප්‍රශ්නයට විසඳුමක්‌ නෙවෙයිද?

පිළිතුර – පිළිකාවක්‌ තියෙන ගහේ අත්තක්‌ ඉවත් කළා කියල පිළිකාව හොඳ වෙනවද. ක්‍රීඩා ඇමැතිවරයත් තේරීම් කමිටුව ඉල්ලා අස්‌වන විට ලියුම ගන්නවා. හරි දේ කරන්න ක්‍රීඩා ඇමැතිවරයාට කොන්දක්‌ තියෙන්නෙ ඕනෑ. පරිපාලනයේ ඉන්න අය තේරීම් කමිටුවට අතගසන බව අපට තොරතුරු ලැබිලා තියෙනවා. එහෙම දෙයක්‌ නැත්නම් සනත් ජයසූරිය ඒ ගැන එළියට ඇවිත් කියන්න ඕනෑ. සනත් තවම එහෙම කළේ නැහැනේ. අපිත් සමග සෙල්ලම් කළ අයනේ ඔය කට්‌ටිය. ඒ නිසා ඔවුන් අපටත් කතා කරනවා. ක්‍රිකට්‌ මාෆියාව ඇමැතිවරයා දැන ගත යුතුයි. පරිපාලනයට වැඩ කරන්න අවස්‌ථාව ලබාදී ක්‍රිකට්‌ මේ තත්ත්වයට පත් කළේ ක්‍රීඩා ඇමැතිවරයායි.

ප්‍රශ්නය – ක්‍රිකට්‌ තරග මුදලට පාවා දෙනවා යෑයි ඔබට සැකයක්‌ තිබෙනවාද?

පිළිතුර- ක්‍රීඩකයන්ට මම ඇඟිල්ලක්‌ දික්‌ කරන්නේ නැහැ. නමුත් මට විශාල සැකයක්‌ තිබෙනවා. මං දන්න මහත්තයෙක්‌ මට ඒ පිළිබඳව වන කොළ දෙකක්‌ ගෙනැත් දුන්නා. මේක මුළු රටම දැන් දන්නවා.

ප්‍රශ්නය – ඇමැතිතුමත් ඔට්‌ටුවක්‌ ඇල්ලුවද?

පිළිතුර – මම ඕවට යන්නේ නැහැ. මම ඔට්‌ටුකාරයෙක්‌ නෙවෙයි. මේ රටේ මේවා වෙනකොට ක්‍රීඩා ඇමැතිවරයා ඒ පිළිබඳ දකින්නේ නැද්ද?

ප්‍රශ්නය – දඹුල්ල, නුවර සිද්ධීන් සහ තරග පරාජය දෙස බලා ඔබ කාලකණ්‌ණි සතුටක්‌ ලබන බව ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.

පිළිතුර – සූදුකාරයෝ හිතන්නේ එහෙම තමයි. දුප්පත් මිනිසුන් හම්බ කරන මුදල් රේස්‌ දාන්න අරගෙන ඒ මුදල්වලින් තමන්ගේ දරුවන්ට කන්නදී කාලකණ්‌ණි සතුටක්‌ ලබනවා. මට කාලකණ්‌ණි සතුටක්‌ ලබන්න බැහැ. මේ තත්ත්වය දැකලා මට කාලකණ්‌ණි දුකක්‌ දැනෙන්නේ. අපේ දෙමව්පියෝ අපට කාලකණ්‌ණි දේවල් කරන්න දුන්නෙත් නැහැ. අපි අපේ දරුවන්ට කාලකණ්‌ණි ලෙස කන්න බොන්න දී නැහැ.

ප්‍රශ්නය – ක්‍රිකට්‌ ඒජන්තවරුන් ක්‍රිකට්‌ ක්‍රීඩාවට බලපෑම් කරන බව සඳහන් වෙනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍ය ජාතික චාලි ඔස්‌ටින් වැනි පුද්ගලයන්.

පිළිතුර – ඒජන්තවරු අවශ්‍ය නැහැ. මේ අය වෙනුවෙන් ක්‍රිකට්‌ පරිපාලනය මොනවද කරල තියෙන්නේ. අප රටට ක්‍රිකට්‌ ඒජන්තවරු ඕන නැහැ. නමුත් එක පැලැන්තියක්‌ ඉන්නවා, ඔවුන් හරහා මුදල් හම්බ කරන. ඒ අය ක්‍රිකට්‌ ක්‍රීඩාවේ විනාශයට පාර කපලා තියෙනවා. ක්‍රිකට්‌ බෝඩ් එක තමයි ඒජන්තවරයා වෙන්න ඕන.

ප්‍රශ්නය – තේරීම් කමිටු සභාපතිව සිට ඉල්ලා අස්‌ වූ සනත් ජයසූරිය මහතාට හොඳ ආදේශකයා කවුරුන්ද?

පිළිතුර – ඇමැතිතුමාට නම් ටිකක්‌ හොයාගන්න පුළුවන්වේවිද දන්නේ නැහැ. කෙළිsන් කතා කරන කෙළින් වැඩ කරන කිසිවකු එන එකක්‌ නැහැ.

ප්‍රශ්නය – තේරීම් කමිටු සභාපති ධුරය සඳහා රොෂාන් මහානාම මහතා නම් කිරීමට යන බව පැවසෙනවා.

පිළිතුර – අනාථ වූ අය ආවොත් මිසක්‌ කොන්දක්‌ පණ තියෙන කෙනෙක්‌ එන එකක්‌ නැහැ.

ප්‍රශ්නය – ක්‍රිකට්‌ ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වයෙන් ගොඩනැඟීමට යෑමට එක්‌වන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා ආරාධනයක්‌ කරනවා.

පිළිතුර – මේ පරිපාලනයට වැඩ කරන්න බැහැ කියලා දයාසිරි ඇමැතිතුමා තේරුම් ගෙන තියෙනවා. දැන් ඉන්න හොඳ මිනිස්‌සුන්ට කියනවා සාකච්ඡා කරන්න එන්න කියලා. මේ මොන පට්‌ටපල් බොරුවක්‌ ද? මේ රටේ මිනිසුන්ව අන්දන්න හදන වැඩක්‌. මම නම් ඔය ෂෝ එකට යන්නේ නැහැ.

ප්‍රශ්නය – ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන් සමග තරහක්‌ තියෙනවද?

පිළිතුර – කිසි තරහක්‌ නැහැ. ඔය කාත් සමගවත් මගේ තරහක්‌ නැහැ. තිලංග කියන්නේ මගේ අතීත මිත්‍රයෙක්‌. කවුරුත් දන්නවා ඒ අයගේ ව්‍යාපාර මොනවද කියලා. ඒ පැත්තෙන් බැලුවහම මේ තනතුර දරන්න ඔහුට බැහැ.

ප්‍රශ්නය – එතකොට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහත්තයා…

පිළිතුර – එතුමා සමගත් මගේ තරහක්‌ නැහැ. නමුත් අපි හදපු ආණ්‌ඩුවට පැමිණ ඇමැතිවරයෙක්‌ වැරදි පුද්ගලයන්ව ආරක්‍ෂා කරනවා නම් ඊට එරෙහිව මට ක්‍රියා කරන්න වෙනවා. ක්‍රිකට්‌ වෙනුවෙන් කතා කරන්න එපා කියලා කාටවත් මට කියන්න පුළුවන් කමක්‌ නැහැ.

-දිවයින

රටම ආදරය කරන පොඩි සනාගේ පෙම්වතිය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ පෙම්වතිය ගැන පහුගිය දවස්වල එක එක කතා පැතිරුණා කියලා ඔයාලා දන්නවා ඇති.ඒත් ඒ කිසිම වාර්තාවක හරියටම මෙයා තමයි කුසල්ගේ පෙම්වතිය කියන්න කවුරුත් සමත් වුනේ නැහැ.

ඔන්න ඉතිං අපි කිරිගහට ඇන්න වගේ හරියටම කියන්න ලෑස්තියි කුසල් ජනිත් පෙරේරාගේ පෙම්වතිය කවුද කියලා කියන්න.

ඇගේ නම කලනි රන්දිමා.

කලනි දන්ත ශල්‍ය වෛද්‍යවරියක්.

සෝමවීර චන්ද්‍රසිරි ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ කලනි ඉන් අනතුරුව සරසවි වරම් ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.

විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ තමන්ගේ වෘත්තීයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ කියන්නේ කුසල් ජනිත් පෙරේරාගේ පෙම්වතිය දන්ත ශල්‍ය වෛද්‍යවරියක්.

ඇගේ පදිංචිය පිළියන්දලයි.

602 603 60452df504cae33c9643210abf88915fd57_XL