කවුද බං මැතිව්ස් ක්‍රිකට් ගහන්න ගත්තේ ලැබූ අන්ත පරාජයෙන් බුකිය ගිනිගත්තේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අදුරු ලැජ්ජා සහගත දිනයක් සටහන් කරමින් ඇන්ජලො මැතිවුස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ ලැබූ අන්ත පරාජයක් ඊයේ දින හිමිකර ගත්තේය. මෙම පරාජයට ඇන්ජලො මැතිවුස්ගේ දුර්වල නායකත්වය, දුර්වල පන්දු රැකීම, දිගින් දිගටම අසාර්ථක වන කුසල් මෙන්ඩිස් වැනි පිතිකරුවන්ට දිගින් දිගටම අවස්තාව හිමි වීම වැනි හේතු කැපී පෙනුනි.

මෙම පරාජයට ෆේස්බුක් සමාජජාලයෙන් ලැබී තිබූ ප්‍රතිචාර පහතින්,

1 2

3

4 5 6 7 8 9 10 11 12 13 14

 

 

 

“ලැජ්ජයි මැතිවුස්” ඇෆ්ගනිස්ථානය හමුවේත් අන්ත පරාජක් ලබා ලංකාව ආසියාවෙන්ම කැපුනු හැටි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අදුරු ලැජ්ජා සහගත දිනයක් සටහන් කරමින් ඇන්ජලො මැතිවුස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ ලැබූ අන්ත පරාජය හිමිකර ගත්තේය. අර්ජුන රණතුංගලා, සනත් ජයසූරීයලා එදා දහදිය, කඳුලු වපුරා දැඩි කැපවීමෙන් ගොඩ නැගු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මලගම සටහන් වූ දිනයක් ලෙසට ඊයේ (17) නම් කළාට වරදක් නැත.

මුදල් සාධකය අමතක කොට දේශප්‍රේමීත්වයෙන් ක්‍රීඩා කළ අර්ජුන, සනත් ලා ශ්‍රී ලංකාව ලොව භයානකම ක්‍රිකට් කණ්ඩායමක් බවට පත් කළේය. ඉන්පසු තමන්ගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමට තිලකරත්න දිල්ශාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි දෙවෙනි පෙළක්ද සෑදුවේය.

එවැනි පෞඩ ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඇන්ජලො මැතිවුස් යටතේ තවත් අන්ත පරාජයක් ලබමින් ආසියා කුසලානයේ මුල් වටයෙන්ම ඉවතට විසි විය. ආසියා කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමග ක්‍රීඩා කළ තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 91 ක දැවැන්‍ත පරාජයක් ලබමින් මෙලෙස ආසියා කුසලානයෙන් ඉවත් විය.

sp13-mathews

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 249 ක් ලබාගත්තේය. එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිතර වූ රාමට් ෂා, පන්දු 90 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 72 ක් රැස්කරමින් ඇෆ්ගනිස්ථාන ඉනිමේ කොඳු නාරටිය බවට පත් විය. ලසිත් මාලිංගගේ පන්දුවාර දහයට ලකුණු 66ක් උදුරා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 250 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41.2 ක් අවසානයේ ලකුණු 158 කට සියලු දෙනා දැවී ගියේය. හුදෙකලා සටනක නිරතවු ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 36ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා මැදපෙල කොදු නාරටිය වන දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකිරීම මෙම තරගාවලියේ කණ්ඩායමට බරපතල පාඩුවක් විය. වත්මන් කණ්ඩායමේ වැඩිම වගකීමකින් සහ කැපවිමකින් ක්‍රීඩා ක‍රනා ක්‍රීඩකයා ලෙස විචාරකයන් හදුන්වන දිනේෂ් චන්දිමාල් නොමැතිව බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 200ක් ලබා ගැනීමට හෝ පන්දවාර පනහ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

ඇන්ජලෝ මැතිවුස්ගේ දුර්වල නායකත්වය ඊයේ තරගය පරාජයටද ප්‍රබල හේතුවක් බවට විචාරකයන් අදහස් දැක්වීය. ඇන්ජලෝ මැතිවුස් ආක්‍රමණශීලීත්වය හෝ උපායශීලිත්වය නොමැති නායකයෙක් බවත්, ඔහුගේ පන්දු පිටිය සැකසීම සහ පන්දු යවන්නන් යොදා ගැනීම ශ්‍රී ලංකාව දිගින් දිගටම ලබනා පරාජයන්ට හේතුවක් බවද විචාරකයන් ප්‍රකාශ කළේය.

මේ අතර දිගින් දිගටම අසාර්ථක වූ නමුද කණ්ඩායමේ ස්ථානය හිමිවන කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේද ලකුණු නොලබා දැවි ගියේය. මේ ඔහු ලකුණු බිංදුවට පිට පිට දැවී ගිය තෙවන අවස්තාවයි. මෙතරම් අසාර්ථක කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානයක් ලබා දීම පසුපස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිළධාරියෙක් පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි දැඩි කතාබහක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් දහදිය වපුරා ලෝක කුසලාන දිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගු අර්ජුන රණතුංගලා සිය ජීවිත කාළයම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉපැයූ මුදලට වඩා මුදලක් දිගින් දිගටම පරාජය වන වර්තමාන ක්‍රීඩකයන් වසරක් තුල ඉපැයීම විශේෂත්වයකි. පසුගිය වසරේ එක්තරා ක්‍රීඩකයෙක් ලබා ගත් ලකුණකට රුපියල් 60,000කට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවා තිබෙන බවටද හෙළිවිය.

අවුට් වෙලා එහෙම ඇතුලට එන්නේ නෑ කිවා මුල්ම ශතකය ගැහුව හැටි ගැන සනත් කිව්ව අපූරු කතාව

අවුට් වෙලා එහෙම ඇතුලට එන්නේ නෑ කිවා
මුල්ම ශතකය ගැහුව හැටි ගැන සනත් කිව්ව අපූරු කතාව

වසර 9කට පසු ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද අළුයම දිවයිනට

වසර 9කට පසු ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද (11) අළුයම දිවයිනට පැමිණියා. ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගුවන් තොටුපලේ විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවේදී ක්‍රීඩා ඇමතිවරයා මෙන්ම ශ්‍රී ලංකා නෙට්බොල් කණ්ඩායමේ නායිකාවද මාධ්‍යවත අදහස් දක්වා තිබුණා.

”හැමවෙලාවෙම අවංක වෙමින් අපි පුහුණුකාරිණිය කියන විදියට තමයි සෙල්ලම් කළේ. ඇය අපි ගැන සම්පූර්ණ විශ්වාසයක් තිබුණා. ඒ නිසා අපිට ජයග්‍රහණය ගැන හොඳ අරමුණක් තිබුණා”” යැයි නෙට්බෝල් කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය මෙහිදී පවසා තිබුණා.

මෙම අවස්ථාවේදී කණ්ඩායමේ පුහුණුකාරිණියද අදහස් දක්වමින් පවසා සිටියේ 2009 වසරෙන් පසුව නැවත ලංකාවට ආසියානු ශූරතාවයක් ගෙන ඒමට හැකිවීම පිළිබඳව ඇය සතුටට පත්වන බවයි. එමෙන්ම පුහුණුවීම් තුළින් ඉදිරියේදී ශ්‍රී ලංකා නෙට් බෝල් කණ්ඩායමට තවත් ජයග්‍රහණ රැසකට යන්නට හැකිවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇය එහිදී පවසා සිටියා.

1 2

3

4

4

රටම ආදරය කරන පොඩි සනාගේ පෙම්වතිය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ පෙම්වතිය ගැන පහුගිය දවස්වල එක එක කතා පැතිරුණා කියලා ඔයාලා දන්නවා ඇති.ඒත් ඒ කිසිම වාර්තාවක හරියටම මෙයා තමයි කුසල්ගේ පෙම්වතිය කියන්න කවුරුත් සමත් වුනේ නැහැ.

ඔන්න ඉතිං අපි කිරිගහට ඇන්න වගේ හරියටම කියන්න ලෑස්තියි කුසල් ජනිත් පෙරේරාගේ පෙම්වතිය කවුද කියලා කියන්න.

ඇගේ නම කලනි රන්දිමා.

කලනි දන්ත ශල්‍ය වෛද්‍යවරියක්.

සෝමවීර චන්ද්‍රසිරි ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ කලනි ඉන් අනතුරුව සරසවි වරම් ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.

විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ තමන්ගේ වෘත්තීයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ කියන්නේ කුසල් ජනිත් පෙරේරාගේ පෙම්වතිය දන්ත ශල්‍ය වෛද්‍යවරියක්.

ඇගේ පදිංචිය පිළියන්දලයි.

60260360452df504cae33c9643210abf88915fd57_XL

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයට තරඟ කරනවාද යන්න ගැන සංගක්කාර යළිත් කිව්ව කතාව

තමා කිසිවිටකත් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයට තමන් තරඟ කරන බවට ඇතැම් මාධ්‍යවල පල වූ වාර්තා අසත්‍ය බවයි.

Kumar-Sangakkara10

ඊයේ(27) පස්වරුවේ කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කුමාර් සංගක්කාර මහතා මෙම අදහස් පල කළේය.

ඊයේ මැච් එක ගැන බුකියේ සටහන් වූ ආතල් කතා ටිකක් මෙන්න

ඊයේ මැච් එක ගැන බුකියේ සටහන් වූ ආතල් කතා ටිකක් මෙන්න

1 2

3

4 5

 

සිංහයින් ජයගත් 20-20 සුපිරි ජයග්‍රහණයේ සතුට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සැමරුවේ මෙහෙමයි

එහිදී කුවින්ටන් ඩී කුක් ලකුණු 20ක් රැස්කළ අතර සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් ලකුණු 20 සීමාව පසුකරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් එහිදී ඉඩ ලබාදුන්නේ නැහැ.පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 03ක් බිඳ දැමූ අතර අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා දකුණු අප්‍රිකානු කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 03ක් බිඳ දැමූ අතර අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා දකුණු අප්‍රිකානු කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

එහිදී ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 04ක් සමඟින්.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය දිනේෂ් චන්දිමාල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්.

ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය සමඟ පන්දුවාර 20 තරඟයේ ශුරතාවය ශ්‍රී ලංකාව සතු වුණා.

මේ අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දෙරට අතර පැවැත්වුණු 10වන විස්සයි විස්ස තරඟය මෙය වන අතර තරඟයේදී ක්‍රීඩාලෝලීන් පිරිසක් සිය ජංගම දුරකතනයේ ටෝර්ච් එළි දල්වා සිටීමද විශේෂත්වයක් වුණා.

3V2A2865 3V2A3134 3V2A3457

South Africa's Hashim Amla leaves the pitch after being dismissed by Sri Lanka's Dhananjaya de Silva during their only Twenty20 cricket match in Colombo, Sri Lanka, Tuesday, Aug. 14, 2018. (AP Photo/Eranga Jayawardena)
South Africa’s Hashim Amla leaves the pitch after being dismissed by Sri Lanka’s Dhananjaya de Silva during their only Twenty20 cricket match in Colombo, Sri Lanka, Tuesday, Aug. 14, 2018. (AP Photo/Eranga Jayawardena)
Sri Lanka's Akila Dananjaya, second left, celebrates the dismissal of South Africa's Reeza Hendricks with his teammates during their Twenty20 cricket match in Colombo, Sri Lanka, Tuesday, Aug. 14, 2018. (AP Photo/Eranga Jayawardena)
Sri Lanka's Angelo Mathews (L) attempts to field as lights from spectators' mobile phones are seen in the background during the international Twenty20 cricket match between Sri Lanka and South Africa at the R.Peremadasa Stadium in Colombo on August 14, 2018. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI

South Africa's Kagiso Rabada, left, talks to his wicketkeeper before requesting a third umpire review over a leg before decision to dismiss Sri Lanka's Kusal Mendis during their only Twenty20 cricket match in Colombo, Sri Lanka, Tuesday, Aug. 14, 2018. (AP Photo/Eranga Jayawardena)

S

South Africa's Junior Dala celebrates after taking the wicket of Sri Lanka's Dhananjaya de Silva during their only Twenty20 cricket match in Colombo, Sri Lanka, Tuesday, Aug. 14, 2018. (AP Photo/Eranga Jayawardena)
Sri Lanka's Dinesh Chandimal (L) is watched by South Africa's J.P Duminy as he runs between the wickets during the international Twenty20 cricket match between Sri Lanka and South Africa at the R.Peremadasa Stadium in Colombo on August 14, 2018. / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI

අද පැවැත්වෙන 20 යි 20 තරඟ පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය මාලිංගට සහ කුසල්ට වාසි ගෙනා හැටි

අද පැවැත්වෙන 20 යි 20 තරඟ පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය මාලිංගට සහ කුසල්ට වාසි ගෙනා හැටි

අපි විනාඩි 15ක් විතර කතා කළා සංගා හමු වූ ඉන්දීය ක්‍රීකට් සුරීපිණිය

මෙවර එංගලන්ත ප්‍රාන්ත විස්සයි විස්ස තරගාවලිය අතරතුර කුමාර් සංගක්කාර හමුවීමට ලැබීම තම ක්‍රිකට් දිවියේ භාගයක් බව ඇය පැවසුවේ බීබීසී ස්ටම්ප්ඩ් (BBC Stumped) ක්‍රිකට් වැඩසටහන සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවර එංගලන්ත කාන්තා විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට 22 හැවිරිදි ස්ම්‍රිති මන්දනා මේ වන විට සමත්වී තිබෙන අතර මෙම තරගාවලියේ එක් ඉනිමක වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව වීමට ද ඇයට හැකි විය.

“මම මගේ පළමු තරගය (එංගලන්තය ප්‍රාන්ත තරගාවලියේ) ක්‍රීඩාකරද්දී ඔහු විස්තර විචාරයේ යෙදී තිබෙනවා, මම ඒක දැනගෙන හිටියේ නැහැ, නමුත් ඔහුගේ ට්විටර් පණිවිඩයක් මම දැක්කමයි දැන ගත්තේ ඔහු ඇවිල්ලා ඉන්නවා කියලා”

“මම එතකොටම මගේ කළමනාකරුට කිව්වා මට කොහොමහරි ඔහුව මුණගැහෙන්න ඕනේ කියලා, මම ඒවගේ ඉල්ලීමක් වෙන කාගැනවත් කරලා නැහැ, මම ඔහුව මගේ පුර්වාදර්ශය කරගෙන තියෙනවා දැන් සැහෙන කාලයක් ඉඳන්”

“මම ඔහුගේ දැඩි රසිකාවියක්, ඔහු කතාකරන්න රුචියක් ඇතිවන කෙනෙක්, අපි විනාඩි 15ක් විතර කතා කළා, මම පන්දුවට පහරදෙන ආකාරය ගැන ඔහුගෙන් ඇහුවා, ඔහු කිව්වා ඔයා හොඳට බැට් කරනවා, ඒගැන වැඩිය හිතන්න එපා කියලා, මේ විදිහටම ක්‍රීඩා කරන්න කිව්වා” කුමාර් සංගක්කාර සමග කතාකළ ඒ විනාඩි 15 තමන්ට දැඩි ආත්ම විශ්වාසයක් හා සතුටක් එක් කළ බව ස්ම්‍රිති බීබීසී ස්ටම්ප්ඩ් (BBC Stumped) ක්‍රිකට් වැඩසටහනට කියා සිටියාය