2017-10-01 සිට 2017-10-07 මේ සතිය ඔබේ ලග්නයට කොහොමද?

උදාවන සතියේ ඔබේ දෛවය

ඔබේ ලග්නාධිපති කුජ සමග සිකුරු පස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායකයි. නිතර නිවසින් බැහැරව යැමට සිදුවේ. අනවශ්‍ය ලෙස විනෝදයට බරවීමෙන් අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැකිය. පෙම් සබඳතා ස්‌ථිර කර ගැනීමට ද විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට ද සුබපලදායක වේ. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබේ. දරුවන් පිළිබඳව සතුටුදායක ආරංචි ලැබේ. සේවක පක්‌ෂයේ ගැටලු ඇතිවිය හැකිය. නීතිමය අංශවල සහයෝගය ලබාගත හැකිය. පදිංචිය පිළිබඳව ගැටලු ඇතිවීමට ද ඉඩ තිබේ. සෙනසුරු දශා ගත කරන අය ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න.
සුබ පාට – රෝස සුබ අංකය – 3

 


සිකුරු කුජ සමග හතරේද සදු නමයේද රවි බුධ පහේ ද ගමන් කරමින් උදාවන මේ සතිය අධ්‍යාපන කටයුතු වලට සුබදායකයි. ඒ සඳහා සුබ නැකත් යෙදේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ලාභ බලාපොරොත්තුවෙන් මුදල් ආයෝජනය කිරීමට සුබදායක වේ. ලොතරැයි ජයක්‌ ලැබීමට ද ඉඩ තිබේ. පවුලේ අය සමග සතුටින් කාලය ගතවේ. දියුණුවට කරන කටයුතු වෙනුවෙන් නිතර ගමන් බිමන් යැමට සිදුවේ. කෘෂිකාර්මික කටයුතු වලින් ලාභ ලැබේ. විවාහ සහකරුට තරමක්‌ අපලයි. සහෝදරයකු ගැන සුබදායක ආරංචියක්‌ ලැබේ.
සුබ පාට – මිශ්‍ර ලා සුබ අංකය – 6

 


ඔබේ ලග්නාධිපති බුධ සමග රවි හතරේ ද ගුරු පහේ ද සඳු අටේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මුලදී බලාපොරොත්තු නොවූ වියදමක්‌ දරන්නට සිදුවේ. සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු පවතී. සතිය මැද වන විට තත්ත්aවය සුබ අතට හැරේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. දේපළ පිළිබඳව තිබූ නීතිමය ගැටලුවත් විසඳාගත හැකිවේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග යෙදේ. සහෝදරයන් හා අසල්වාසීන් සමග තිබූ අමනාප දුරුවේ. උත්සාහය ධෛර්ය ඉහළ යයි. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් නිතර යෙදේ. වියදම් පාලනය කර ගන්න.
සුබ පාට – ලා කොළ සුබ අංකය – 4

 


ඔබේ ලග්නාධිපති සඳු කේතු සමග හතේ ද රවි බුධ සමග තුනේ ද ගුරු හතරේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපලදායකයි. චිත්ත ධෛර්යය උසස්‌ මට්‌ටමක පවතී. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් නිතර යෙදේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතු වලින් ජය ලැබේ. මව්පියන් දූ දරුවන් සමග සතුටින් කාලය ගතවේ. අධ්‍යාපන කටයුතු වලට බාධා විය හැක්‌කේ උදාසීන බව වැඩ කල් දැමීම නිසා බැවින් උනන්දුවෙන් කටයුතු කිරීම වැදගත්ය. විනෝදය උදෙසා කරන වියදම් වලදී දුරදිග බලා කටයුතු කරන්න. සතිය මැද දී සෙම්රෝග වැනි අපල පෙන්වයි. සති අන්තය වන විට හිතේ තිබූ කරදරයකින් නිදහස ලැබෙනවා ඇත.
සුබ පාට – කහ තැඹිලි සුබ අංකය – 5

 


රවි සමග බුධ දෙවැන්නේ ද සඳු කේතු හයවැන්නේ ද සෙනසුරු හතරේද ගමන් කරමින් උදාවන මේ සතිය මිශ්‍රපලදායක බව පෙනේ. සතිය මුලදී රහස්‌ සතුරු උපද්‍රවයක්‌ නිසා සිත් තැවුලක්‌ ඇති වේ. අනාගතය ගැන වැඩියෙන් හිත යොමුවේ. මව හෝ පියාට තරමක්‌ අපලයි. විදේශ ගමන්වලට තිබූ බලාපොරොත්තුවක්‌ සාර්ථක කර ගැනීමට පහසුකම් සැලසේ. රැකියාව හෝ ව්‍යාපාරය ගැන වැඩි කැපවීමකින් ක්‍රියා කිරීමට පෙළඹේ. දැඩි කාර්ය බහුල බවක්‌ ඇතිවිය හැකිය. සහෝදරයෙකු වෙනුවෙන් අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවේ. අධ්‍යාපන කටයුතු මිශ්‍රඵලදායක වේ. මේ අතර ආගම දහම කෙරෙහි ද වැඩි නැඹුරුවකින් කටයුතු කරන බව පෙනේ.
සුබ පාට – රෝස සුබ අංකය – 3

 


ඔබේ ලග්නාධිපති බුධ රවි සමග ලග්නයේ උදාවන අතර සඳු සමග කේතු පස්‌වැන්නේ ගමන් කරමින් උdදාවන සතිය බොහෝ දුරට සුබපලදායක වේ. ඉගෙනීමේ කටයුතු වල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ සුබඵල දෙයි. විභාග හෝ සම්මුඛ පරීක්‌ෂණ වලින් සමර්ථ විය හැකියි. රැකියා හෝ ව්‍යාපාර අංශ වලට ද දක්‌ෂතා පෙන්නුම් කරමින් කටයුතු කළ හැකි වේ. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. සහෝදරයෙකු හෝ අසල්වැසියෙකු නිසා පාඩුවක්‌ විඳීමට සිදුවේ. විදේශ ගමන් වලට සුබයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. බලාපොරොත්තු බොහොමයක්‌ සාර්ථක කරගත හැකි බව පෙනේ.
සුබ පාට – ලා කොළ සුබ අංකය – 4

 


ඔබේ ලග්නාධිපති සිකුරු කුජ සම`ග එකොළහේද, ගුරු ලග්නයේද, රවි බුධ දොළහේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍ර පලදායක බව පෙනේ.

රැකියා හා ව්‍යාපාර අංශවල දියුණුවට තරමක බාධා පවතී. ආදායම් සතුටුදායක වුවද වියදම්ද ඉහළ යනවා ඇත. විදේශ ගමන් වලට සුබපල දායකයි. උසස්‌ අධ්‍යාපනය ලැබීම බලාපොරොත්තුවෙන් විදේශ යැමට තිබූ බලාපොරොත්තුවක්‌ සාර්ථක කර ගැනීමට හැකිවේ. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතු වලට සුබපල දායකයි. යහළු යෙහෙළියන් සම`ග සතුටින් කාලය ගත කිරීමට හැකිවේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ.
සුබ පාට – මිශ්‍ර ලා සුබ අංකය – 6

 


ඔබේ ලග්නාධිපති කුජ, සිකුරු සම`ග දහයේද, රවි බුධ එකොළහේද, සඳු තුනේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපල දායකයි. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීම් ලැබීමට හේතුයි. ඒ සඳහා තිබූ බාධා ඉවත් වේ. ප්‍රධානීන්ගේ උදව් ලැබේ. නීතිමය අංශවලද ආධාර උපකාර ලැබේ. උත්සාහය ධෛර්යය වැඩිවේ. තම ප්‍රධානත්වය හා නායකත්ව ගුණාංග ඉස්‌මතු වේ. සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක්‌ ඇතිවේ. බිරිඳ හෝ සැමියාගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. සතිය මැදදී පවුලේ දියුණුවට කරන කටයුත්තක්‌ සාර්ථක වේ. මේ අතර ශනි ලග්නයේ ගමන් කරන බැවින් සෙම් රෝග හා වාතාබාධ වැනි අසනීප තත්ත්වයන් ගැන සැලකිලිමත් වීම වැදගත්ය.
සුබ පාට – සුදු සුබ අංකය – 2

 


ඔබේ ලග්නාධිපති ගුරු එකොළහේද, රවි සම`ග බුධ දහයේaද, කුජ සිකුරු නමයේද ගමන් කරමින් උදාවන මේ සතිය බොහෝදුරට සුබපල දායක බව පෙනේ. බිරිඳ හෝ සැමියාගේ රැකියා අංශයක දියුණුවට කරුණු යෙදේ. උත්සාහය ධෛර්යය උසස්‌ තත්ත්වයක පවතින නිසා බොහෝ දුරට සාර්ථක කරගත හැකිවේ. අධ්‍යාපන කටයුතු වලටද සුබයි.

රැකියා නැති අයට රැකියා ලාභ ද ලැබේ. අලුත් තනතුරු ලැබීමටද ඉඩ තිබේ. ගෙදර දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වේ. අලුත් හිත මිතුරන් හඳුනා ගැනීමට අවස්‌ථා උදාවේ. මේ අතර රාහු දශා ගතකරන අයට සිතේ චංචල බව උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග පවතී. සෞඛ්‍ය රැක ගන්න.
සුබ පාට – කහ සුබ අංකය – 5

 


සඳු සම`ග කේතු ලග්නයේ ගමන් කරන අතර ඔබේ ලග්නාධිපති ශනි එකොළහේද, ගුරු දහයේද, රවි බුධ නමයේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපල දායක වේ. විවාහ සහකරු පිළිබඳ සැකය නිසා අඹු-සැමි භේද ඇති වීමට ඉඩ තිබේ. හිත මිතුරන්ගේ උදව් උපකාර හා සේවක සහයෝගය නිසා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකිවේ. එහෙත් අධික කාර්යබහුල බවත් පෙන්වයි. ඉක්‌මන් කෝපය නිසා පවුලේ අය සම`ග ද අමනාපකම් ඇති වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න. මව හෝ පියාට අපල තත්වයක්‌ පෙන්වයි. හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වීමට වගබලා ගන්න.
සුබ පාට – නිල් සුබ අංකය – 7


ලග්නාධිපති සෙනසුරු දහයේ ගමන් කරන අතර සඳු දොළහේද, රවි බුධ අටවැන්නේද ගමන් කරමින් මෙම සතිය උදාවන්නේය. සතිය ආරම්භයේදී සේවක ගැටලුවක්‌ නිසා සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. සෙම් රෝග වැනි අසනීප තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් වන්න. කම් සැප කෙරෙහි අධික ලෙස නැඹුරු වීම නිසා කරදර ඇති වීමටත් නින්දා අපහාස විඳීමටත් සිදුවිය හැකි බව මතක තබා ගැනීම මැනවි. බිරිඳ හෝ සැමියාට තරමක්‌ අපලයි. ඔබ තවමත් අවිවාහක නම් මංගල යෝජනා පිළිබඳ කටයුතු දින කිහිපයක්‌ කල් දැමීම මැනවි. නමුත් උත්සාහය ධෛර්යය පවතින නිසා බොහෝ දේ සාර්ථක කරගත හැකි වේ.
සුබ පාට – නිල් සුබ අංකය – 7


ඔබේ ලග්නාධිපති ගුරු අටවැන්නේද, රවි බුධ හතේද, සඳු එකොළහේද, රාහු පහේද ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. හිත මිතුරන් සම`ග සතුටින් කාලය ගත වේ. විවාහ සහකරුට සුබ දායකයි. හවුල් ව්‍යාපාර වලදී සාර්ථක ප්‍රතිපල ලැබේ. නීතියේ පිහිට ලැබේ. හිතේ නොසන්සුන් බව නිසා අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා පෙන්වයි. සතිය මැද වන විට පෙම් සබඳතාවලට නොසිතූ බාධා ඇති වීමට ඉඩ තිබේ. ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කරන විට දුර දිග බලා කටයුතු කරන්න. සතිය අගවන විට තරමක සුබ දායක තත්වයක්‌ ඇති වේ. ගෘහ ජීවිතය මිශ්‍රපල දායකයි. ගුරු දශා ගත කරන අය දියවැඩියාව හා කොලෙස්‌ටරෝල් වැනි රෝග වලින් ප්‍රවේශම් වන්න.
සුබ පාට – සුදු සුබ අංකය – 2

සුනිල් කුමාර ගම්ලත්