අපි විනාඩි 15ක් විතර කතා කළා සංගා හමු වූ ඉන්දීය ක්‍රීකට් සුරීපිණිය

sn

මෙවර එංගලන්ත ප්‍රාන්ත විස්සයි විස්ස තරගාවලිය අතරතුර කුමාර් සංගක්කාර හමුවීමට ලැබීම තම ක්‍රිකට් දිවියේ භාගයක් බව ඇය පැවසුවේ බීබීසී ස්ටම්ප්ඩ් (BBC Stumped) ක්‍රිකට් වැඩසටහන සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවර එංගලන්ත කාන්තා විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට 22 හැවිරිදි ස්ම්‍රිති මන්දනා මේ වන විට සමත්වී තිබෙන අතර මෙම තරගාවලියේ එක් ඉනිමක වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව වීමට ද ඇයට හැකි විය.

“මම මගේ පළමු තරගය (එංගලන්තය ප්‍රාන්ත තරගාවලියේ) ක්‍රීඩාකරද්දී ඔහු විස්තර විචාරයේ යෙදී තිබෙනවා, මම ඒක දැනගෙන හිටියේ නැහැ, නමුත් ඔහුගේ ට්විටර් පණිවිඩයක් මම දැක්කමයි දැන ගත්තේ ඔහු ඇවිල්ලා ඉන්නවා කියලා”

“මම එතකොටම මගේ කළමනාකරුට කිව්වා මට කොහොමහරි ඔහුව මුණගැහෙන්න ඕනේ කියලා, මම ඒවගේ ඉල්ලීමක් වෙන කාගැනවත් කරලා නැහැ, මම ඔහුව මගේ පුර්වාදර්ශය කරගෙන තියෙනවා දැන් සැහෙන කාලයක් ඉඳන්”

“මම ඔහුගේ දැඩි රසිකාවියක්, ඔහු කතාකරන්න රුචියක් ඇතිවන කෙනෙක්, අපි විනාඩි 15ක් විතර කතා කළා, මම පන්දුවට පහරදෙන ආකාරය ගැන ඔහුගෙන් ඇහුවා, ඔහු කිව්වා ඔයා හොඳට බැට් කරනවා, ඒගැන වැඩිය හිතන්න එපා කියලා, මේ විදිහටම ක්‍රීඩා කරන්න කිව්වා” කුමාර් සංගක්කාර සමග කතාකළ ඒ විනාඩි 15 තමන්ට දැඩි ආත්ම විශ්වාසයක් හා සතුටක් එක් කළ බව ස්ම්‍රිති බීබීසී ස්ටම්ප්ඩ් (BBC Stumped) ක්‍රිකට් වැඩසටහනට කියා සිටියාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *