ප්‍රබල එංගලන්තය පරාජය කරමින් ක්‍රොඒෂියාව ලෝක කුසලාන අවසන් මහා තරඟයට ගිය හැටි

fo

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රුසියාවේ මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගනයේදී ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. සුපිරි එංගලන්ත කණ්ඩායම සහ පෙරළිකාර ක්‍රොඒෂියා කණ්ඩායම් අතර පැවති තරඟයේ පළමු මිනිත්තු 5 දේ එංගලන්තය වෙනුවෙන් කීරන් ට්රිපීයර් ගෝලයක් ලබා ගැනීමට සමත් වුනා.

හැරීකේන් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම ක්‍රොඒෂියාව අඩපන කරමින් දෙවන අර්ධය වන තෙක් ගෝල රැස් කිරීමට අවස්ථාවක් ලබා නොදෙමින් දක්ෂ ලෙස ක්‍රීඩාවේ නිතර වුනා. නමුත් පෙරළිකාර ක්‍රොඒෂියාව දෙවන අර්ධයේ 68 වන මිනිත්තුවේ දී සිට පළමු ගෝලය ලබා ගැනීමට සමත් වීමත් සමඟ තරඟය වෙනස් මුහුණුවරක් ගත්තා.

මිනිත්තු 90 ක කාලය අවසන් වන තෙක් තරඟය 1-1 ලෙස සමවී පැවති අතර ලබා දුන් ප්‍රසාද මිනිත්තු කිහිපයේදී ක්‍රොඒෂියාවේ මාරියෝ මැන්ජුකික් ලබා ගත් ගෝලයෙන් ‍ක්‍රොඒෂියාව ජය ගැනීමට සමත් වුනා. ප්‍රබල එංගලන්තය පරාජය කරමින් ක්‍රොඒෂියා පළමු වරට ලෝක කුසලාන අවසන් තරඟයට වරම් ලබා ගත්තා. උණසුම් තරඟයේ සුව්ශේෂී අවස්ථා පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *