සැමියාගේ කතුරු පහරින් මිය ගිය ගායිකාව ගැන ජනප්‍රිය ගායකයා තැබූ සංවේදී සටහන

ma

මධුමාදව අරවින්ද කියන්නේ කොයි කවුරුත් හොදින් දන්න ගායකයෙක්. සැමියාගේ කතුරු පහරින් මියගිය ප්‍රියානි ජයසිංහ ගායිකාවගේ මරණය සම්බන්ධයෙන් ඔහු තම ෆේස්බුක් දැමූ සංවේදී සටහන මෙන්න,

“ඇයි රත්තරන් ඔයා එහෙම කරේ”

නතර වෙනතුරම හැඩුවද ගයන්නී
කතුර සිප කදුල පිසගත් ප්‍රියානී

ඉතිං ඔබ නිහඩව කදුල නිවාගන්න….
ඔහු මේ වෙලාවෙ සමහර විට ඔබව හොයනවා ඇති…

කතුරක් අරන් තමන්ට ජීවිතේ දුන්න , දරුවො දුන්න, උනුහුම දුන්න ගැහැනියගේ ඇග පසාරු කරපු හේතුව අහන්නේ නෑ…..

ඒත් සමුගැනීම් යනු රත්තරන් පනිවිඩයක් බව ඔහුට නොදැනුනාට … පිරිමි ආත්ම වෙනුවෙන්
ඔබෙන් සමාව ගන්නවා…..

කවුරුද හරි කවුරුද වැරදි කියලා හොයන්න යන්නේ නෑ….

මොකක් උනත් … දගලල දගලල… අන්තිම හුස්ම පිට කරන වෙලාවෙ… ඔබේ ඇගට වඩා හිත රිදෙන්න ඇති….

මගේ රත්තරන් කියලා අල්ලපු අත් දෙකම…
දරුවො ලැබෙනකොට මගේ පන කියලා
ඉදිමිච්ච බන්ඩිය අත ගෑව අත් දෙක….
පොඩ්ඩට හිත රිදිලා කදුලු ගලනකොට,ඒ කදුලු පිහදාපු අත් දෙක……

ඔබේ ජීවිතයේ ,අවසාන පසාරු කිරීම කරයි කියලා හීනෙකින් වත් ඔබ හිතන්න නැතිව ඇති….

ඔහුත් හිතන්න නැතිව ඇති මීට කලින්…

ඔබ පන ඇද, ඇද , හූල්ල, හූල්ල අහන්න ඇති ඇයි මගේ රත්තරන් මේ මම නේද….
ඔයා කොහොමද එහෙම කරේ කියලා….
ඔහු මේ වෙලාවෙ හදවතින් ඔහුට සාප කරගන්නවාද මම දන්නෙ නෑ…..

මේ සටහන තිබ්බෙ ඔබට රිදුනද අහන්න නොව…. ඔහුව එල්ලන්නද නොව…..

මෙහෙම දේවල් වෙන්න නරකයි…. අපි හැමෝටම තරහ යනවා තමා.. ඒත් අපිව හරියටම තලපු කී දෙනෙක්ව අපි නොතලා ඇරලා තියෙනවද… අපි තැලුවේ අපිට ලගම , අපේම උන තැන් නේද….

අතහැරීම කලාවක් නම් මා එහි පිකාසො වූයේ ආදරනීයව…. මරා දමන්න… මන්නෙන් කොටන්න දාහක් ඉදිද්දී අපි එහෙම නොකලේ,
ඒක අපේම ආදරයට කරන්නද.?

දවසක් හරි හෙවන දුන්න ඔබේ ආදරේ ට දන ගහල වැදල අත හරින්න…. ලස්සන මතක යායක පැල කරන්න… ඉදලා හිටලා ඒ මතක සිප ගන්න….

ඔබ අද ලෝකේ ලොකුම ආදරය විදිනවා ඇති..
සමහර විට නැති උන ඒ ආදරේ හොයනවා ඇති…
සමහර විට ලෝකෙට පෙනෙන්න හිනාවෙලා,
කෑ ගහල හොරෙන් අඩනවා ඇති….

කමක් නෑ… ඔබේ ආදරයට පලි ගගහ, හෙන ඉල්ල ඉල්ල, ජීවත් වෙවී මරෙන අයට වඩා,
ඔබ උතුම්…
කොට්ටය බදන් අඩන ගැහැනුන්..
අවන්හල්වල මත් වතුර ටිකක ආදරනීය ගැහැනිය හොයන පිරිමින් ..
කිසිත් නොකියා හැම දේම දරා ගත්ත ඔබ සියල්ලට….ට මම ගරු කරනවා…..

පිහි පහරවල්… වෙඩි පහරවල්…. මන්න පහරවල්…. වලින් නිමා කරන්න තරම්…
ඔබ අවාසනාවන්ත උනේ නෑ….
ඔබට ආදරේ කල අය තිරිසනුන් මෙන් එහෙම කලෙත් නෑ…..

ඔවුන් ලෝකේ කොහේ හෝ ඇති… එක පාරක් මතක් කර ඊලග හුස්ම එක්ක පිට කරන්න ඒ මතකයන් ආදරනීයව…….

ප්‍රියානී සහෝදරිය….. ඔබ ට විසදගන්න බැරි උන ,,, ඔහුද මියයනතුරා විසද නොගන්න…
කතාව ගැන අපි හදවතින් දුක් වන්නෙමු…..

ඉතිං ඔබ යන්න… හූල්ල හූල්ල ඔබ ඇසූ ප්‍රශ්න ය… අපිට තියලා ඔබ යන්න…..

ලෝකයක් තරම් ආදරේ කර ඔහුගෙන් ඔබ ඇසූ එකම ප්‍රශ්න ය…. අපි තියාගන්නම්…
ඔබ අහුවේ…. එකයි… අන්තිම හුස්මෙත් ඔබ ඇහුවේ…

” ඇයි මගේ රත්තරන් … ඔයා එහෙම කරේ”

ප්‍රියානි ඔහුත් එය නොදන්නවා ඇති…
අපි මතක තියාගමු කාටවත් එහෙම අහන්න ඉඩ නොතියා හැම දේම දරා ගමු…
කවපු බත් කටක්, දුන්න උනුහුමක්, බෙදා ගත් ආදරයකින් පලි අරන්, දිනන්න දෙයක් නෑ…පන ඇද ඇද නොව…
ජීවත් වෙවී අහමු….

“ඇයි රත්තරන්… ඔයා එහෙම කරේ”

එහෙනම් ප්‍රියානි කදුල නිවාගන්න හිත රිද්දාගෙන…………නිවන් සුව සුන්දර සොයුරිය.
-මදු මාදව අරවින්ද-

md