කොළඹ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍ය නායකයින් ඇතුලූ සිසුන් පිරිසක් සිසුවෙකුට පහර දී හදිසි අනතුර ඒකකයට

sc

කොළඹ ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙකු ඇතුලූ සිසුන් 40 දෙනෙකු පමණ එක්ව ඊයේ පස්වරුවේ සිය පාසලේම සාමාන්‍ය පෙළ සිසුවෙකුට සිදු කල පහර දීමක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
එහෙත් මෙම සිදුවීමෙන් අනතුරුව සිසුවා හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත්තේ රග්බි පුහුණුවීම් අතරතුර අනතුරක් සිදු වූ බව පවසමින්. ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු අදාළ සිසුවා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, යළිත් ඔහුගේ තත්වය අසාධ්‍ය වීම හේතුවෙන් මවුපියන් විසින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *