වැඩිය කවුරුත් දන්නේ නැති ජාතික කණ්ඩායමේ ඉන්න අපේ රටේ සුරූපී පාපන්දු ක්‍රීඩිකාව මෙන්න

ft

රුසියාවේ පැවත්වෙන පාපන්දු ලෝක කුසලානෙය් තරඟ වට කිහිපයක් උණසුම් ලෙස අවසන් වුනා. මුළු ලෝකයේම අවධානයට ලක් ව තිබෙන පාපන්දු ක්‍රිඩාව ශ්‍රි ලංකාවේ එතරම් ප්‍රචලිත නෑ කවුරුත් පාපන්දු ගැන කතා කරන්නේ නෑ මේ කියන්න යන්නේ අපේ රටේ දක්ෂතා දක්වන කිසිවකුගේ අවධානයට ලක් නොවුන ජාතික කණ්ඩායම නියෝජනය කරන සුරූපී තරුණියක් ගැනයි.

1

ඇය ප්‍රවීනා මල්කි පෙරේරා, ශ්‍රී ලංකාවේ මේවන විට සිටින ජනප්‍රිය හා දක්ෂ පාපන්දු ක්‍රීඩිකාව ඇයයයි. විසි දෙවන වයසේ පසුවන ප්‍රවීනා ශ්‍රී ලංකා කාන්තා පාපන්දු පිල නියෝජනය කිරීමට අවස්ථාව හිමිකරගත්තේ 17 වෙනි වියේදීය.

එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කරන ඇය වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩිකාවද වන්නේය. පුංචි කාලේ පාපන්දු ක්‍රිඩාවට ඇති වුන ආසව නිසාම ප්‍රවීනා විවිධ වු අභියෝගතා ජය ගෙන ශ්‍රි ලංකාවෙ දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාවක් බවට පත් වී සිටී නිරූපණ ශිල්පිනියක් ලෙසද කටයුතු කරන ප්‍රවිනා ඇය පාපන්දු ක්‍රිඩාවේ ඉදිරියට ආව හැටි මේ විදිහට කියලා තිබුනා…

9

 

“මම පාසලේ 6 වසරේ ඉන්නකොට දැක්කා කට්ටිය බෝලෙකට පයින් ගහගහා දුවනවා. මටත් ආස හිතුනා මොකක්ද මේ කියල බලන්න. එහෙමයි මම මේ ක්‍රීඩාවට යොමුවුණේ,”
“ගොඩක් දෙමව්පියෝ පාපන්දු වගේ දේකට ගැහැණු ළමයි කොහොමත් යොමුකරනවා අඩුයි, මගේ අම්ම වුනත් ගොඩක් අකමැතිවුණා මොකද, හැමෝම හිතන්නේ පිරිමි වගේ නෙවෙයි ගැහැණු ළමයි ගෙදරටම වෙලා හැදෙන්න ඕනේ කියලා. ඒ වගේ තත්ත්වයක්නේ ලංකාවේ තියෙන්නේ, අපි එතැනින් එහාට යන්න ඕනේ,”

8

 

“ගොඩක් දක්ෂ ගැහැණු ළමයි, හැංගිලා ඉන්නවා එන්න බයට. පාපන්දුවලට ලංකාවේ ගොඩක් ක්‍රීඩිකාවෝ අඩුයි

” මමත් පාපන්දු ක්‍රිඩාව ටික කාලයක් ගහලා ආයෙත් නැවැත්තුවා, හරි අමාරුයි. බොලේ වදිනවා, රිදෙනවා, ඊට පස්සේ පුහුණුකරු ගෙදර ඇවිල්ල බැනල මාව ආයෙත් ක්‍රීඩාවට යොමුකළා,”
“ගැහැණු ළමයින්ට හැමදේම පුළුවන්, දරාගැනීම වගේ හැමදේම පුළුවන් නේ. ඉතින් ක්‍රීඩාවත් එහෙමයි”

2

“ක්‍රීඩාවක් කළා කියලා අව්වේ හිටියා කියල ඒ දේවල් මගහැරෙන්නේ නැහැ මම නිරූපණ ක්ෂේත්‍රයට ගොඩක් ආසයි, ඉතින් මේකත් එක්ක, ඒකත් කරන්න මම අඩිය තියලා බැලුවා. පුළුවන් විදිහට හොඳ දේවල් හම්බවුනාම කරනවාමම දෙමාපියන්ගේ ඉල්ලන්නේ ඔයාලගේ දියණියන් ක්‍රීඩාවට යොමුකරන්න. ඒක කවදාවත් අහක යන්නේ නැහැ. නිරෝගී කමටත් එය බලපානවා”

4 5 6 7 8 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *