උදාරි පෙරේරා කාන්තාවක් එක්ක කෙහෙවළු පටලවාගත්තාද? කට්ටියටම හොල්මන් වෙන්න මෙන්න ඒ ගැන උදාරි කියලා තිබුණු දේ

ud

උදාරි පෙරේරා කාන්තාවක් එක්ක කෙහෙවළු පටලවාගත්තාද?
කට්ටියටම හොල්මන් වෙන්න මෙන්න ඒ ගැන උදාරිතම ෆේස්බුක් ගිණුමෙන් කියලා තිබුණු දේ පහතින් ,

දින කිහිපයක සිට ගොසිප් පිටු වල මා ගැන පළවෙන යම් පුවතක් පිළිබඳව ඔබ සියළු දෙනාම කුතුහලයෙන් පසු වන බව මම දනිමි, ඉතින් එබැවින් මම මගේ පිටුවේ කිසිදු ද්වේශයකින් තොරව සටහනක් තබන්නට සිතුවෙමි,

මේ සිදුවීමට අදාලා කාන්තාව කලක සිට මා දන්න හදුනන තැනැත්තියකි, යම් වරදවා වටහාගැනීමක් මත ඇය මා සමග අමනාප වී වසර කිහිපයකි,නමුත් මේ කියන ස්ථානයේදී කිසිම ආකාරයකින් මා ප්‍රතික්‍රියා දැක්වූයේ නැත, මගේ නිෂ්ශබ්ධතාවය ඇයව තවත් කෝප ගැන්වූවාට සැක නැත

මා බෞද්ධයෙකි, මා ඇය මා වෙත පදනමක් නොමැතිව එල්ල කල සියළුම නින්දා අපහාස පරිභව අසා සිටියෙමි, නමුත් ඒවා එකක් වත් පිළිනොගත්තෙමි, බුදු රජාණන් වහන්සේට පවා නින්දා අසන්නට සිදුවුනා නම් මේ මා කවුදැයි යන සිතුවිල්ල මගේ හිතේ නොනවත්වා පැන නැගුනි..

මේ ආත්මයේ සුන්දරත්වය, ජනප්‍රියත්වය අත දරා උපත ලද අප පවා පෙර කල අකුසල කම් වලට උරුම කම් කියන්නෝ වෙති, ඉතින් පෙර ආත්මයක හෝ මා අතින් මේ කියන කාන්තාවට යම් හිත් රිදවීමක් නොවැරදීම වන්නට ඇති, අටලෝ දහම අවබෝධ කරගත් බෞද්ධයෙක් කිසිලෙසකත් කිසිම දෙයකින් කම්පා නොවෙති, ක්‍රෝධයෙන් ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වා මෙය මට තවත් ආත්ම භවයක් දක්වා දුර ගෙන යාමට කිසිම උවමනාවක් නැත, එබැවින් මේ කටයුත්තට සම්මාදම් වූ සියළුම දෙනාට මම සමාව දෙමි, මට නින්දා අපහාස, පරිභව කොට ඇය සහ ඇගේ යෙහෙළියන් යම් සතුටක් ලැබුවා නම් එවන් සතුටක ඇති නිෂ්ඵලත්වය ඔවුන්ට අවබෝධ වෙත්වා යන්න මගේ පැතුමයි..!

 

uu

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *