ඥාණසාර හිමියන් ජම්පරය ඇඳ සිරි ගෙදර සිටිනවාද?

gh

සන්ද්‍යා එක්නැලිගොඩ හට උසාවියේදී බැණ වැදී තර්ජනය කළ සිද්ධියට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පසුගියදා සිරගත කරනු ලැබුවා. මේ අතර උන්වහන්සේ සිරගත කර සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජජාලා ඔස්සේ කා අතරත් කතාබහට ලක්වෙනවා.

එහි ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් රුවට සමාන පුද්ගලයෙකු ජම්පරයකින් සැරසි සිටින අයුරු දැක්වෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව වැඩි විස්තර සොයා අපහට දැනගන්නට ලැබුණේ මෙම ඡායාරූප කිසියම් පුද්ගලයෙකු විසින් සංස්කරණය කරමින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එක්කර තිබෙන ඡායාරූපයක් බවයි.

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබදව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ උන්වහන්සේට සිරගෙදර තුලදි චීවරය දැරීමට නොහැකි බවත්, අනිවා‍ර්යෙන්ම සෑම සිරකරුවෙකුටම නියමිත ජම්පරය හැඳ සිටිය යුතු බවත් ය. කෙසේ නමුත් උන්වහන්සේ උපසම්පදා ලැබූ භික්ෂුවක් නිසාවෙන් සිවුරු ගලවා දැමීමට නම් නායක ස්වාමීන් වහන්සේලා තුන් නමක් ඉදිරියේ එය සිදුකළ යුතු වුණා. ඥාණසාර හිමියන් සිරගෙදර තුලදි අමුත්තන් හමුවීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවද වාර්තා විය.

සමාජජාලාවන්හි ප්‍රචාරය වූ විකෘති කරන ලද ඡායාරූපය පහතින්….

1

2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *