දුෂ්කරතා රැසක් මැද්දේ ලංකාවේ අපේ පොඩ්ඩන් ආසියාවම පරදා පදක්කම් දිනූ හැටි

as

මේ දිනවල ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ ඊයේ (08) පැවැත්වුනු තරග ඉසව්වලදී මවුබිමට අභිමානයක් ගෙන එමින් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායම සමත් වුනා. මෙහිදි ආසියාවම පරදමින් මීටර් 400 ඉසව්වේ සින්නක්කර අයිතිය නැවතත් ශ්‍රී ලංකාව සතු කර ගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමකි.

මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම ශ්‍රී ලංකාවට හිමි වුයේ සියලු පහසුකම් සහිතව පැමිණි වෙනත් රටවල ක්‍රීඩකයන් සියලූම දෙනා පහසුවෙන් පරාජය කරමින් ය. මීටර් 400 බාලක ධාවන ඉසව්වට එක් වූ අකුරම්බන වීරකැප්පෙටිපොල ජාතික පාසලේ අරුණ දර්ශන නව තරගාවලි වාර්තාවක් සමගින් මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. තරග නිමි කාලය තත්පර 45.79 ක. ග්‍රාමිය ප්‍රදේශයක පාසලකින් පැමිණ මීටර් 400 තරගාවලි වාර්තාවක් සමග ජය ගැනීමට අරුණ දර්ශන සමත් වීම සුවිශේෂි වන්නේ සියලු පහසුකම් සහිතව දියුණු රටවලින් පැමිණි ක්‍රීඩකයන් පවා ශ්‍රී ලංකාවේ අකුරම්බන ප්‍රදේශයේ අරුණ ඉදිරියේ පහසුවෙන් පරාජය වීමයි.

එම ඉසව්වේ රිදී පදක්කමද හිමි වුයේ ශී‍්‍ර ලංකාවටයි. තත්ත්පර 46.96 ක දක්‍ෂතාවක් වාර්තා කරමින් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පසිදු කොඩිකාර එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තා.

මීටර් 400 බාලිකා ධාවන ඉසව්වට එක්වූ වලල ඒ රත්නායක විද්‍යාලයේ ඩිල්ෂි කුමාරසිංහ එහි රිදී පදක්කම දිනා ගත්තේ තත්ත්පර 54.03 ක දක්‍ෂතාවක් වාර්තා කරමින්.

ජපානයේ පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයට පිටත්ව ගියේද ප්‍රමාද වී අතර එවැනි තත්වයක් තුල ශ්‍රී ලංකා කණිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායමේ මෙම දක්ෂතාවන් රටම ඇගයිය යුතුය.

1 2 3

4 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *