ජනාධිපතුතුමාගේ මේසය උඩ තබන මල් සැරසිල්ල අදටත් පිළියෙළ කරන්නේ එතුමාගේ බිරිද

pr

දේශපාලනය වෙත පෙර කිසිදු පවුල් සබඳතාවක් නොමැති පල්ලෙවත්තේ ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ නියෝජිතයෙකු ලෙස දේශපාලනයේ දීර්ඝ පෞද්ගලික ඉතිහාසයක් ඇත්තෙකි. ඔහුගේ පියා දෙවැනි ලෝක යුද්ධයේ හමුදා සේවයට පසු පොළොන්නරුවේ ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය අසළ අක්කර පහකට වැඩි භුමියක් වගා කළ මධ්‍යම පාන්තික ගොවි පවුලකට අයත් විය. බෞද්ධ දෙමාපියන්ගේ පුත්‍රයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන 1951 සැප්තැම්බර් 03 වැනිදා උපත ලබා බෞද්ධ විහාරස්ථාන සමඟ සමීප ඇසුරුකම් පවත්වමින් බෞද්ධයෙකු ලෙස හැදී වැඩුණේ ය.

2015 ජනවාරී 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් පසු ජනවාරි 09 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.

ඔහු මෙසේ ජනාධිපති ලෙස තේරී පත් වුයේ විධායක ජනපති ලෙස පෙර නොවු විරූ ආකාරයේ තුන්වැනි වාරයක් බලාපොරොත්තු වු එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරදවමිනි. පොදු විපක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග වදිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මුළු ඡන්දවලින් 51.28% ක් එනම් ඡන්ද 6,217,162 ක් ලබා ගත් අතර ප්‍රතිවාදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත්තේ ඡන්ද 5,768,090 (47.58%) ක් පමණි. ඒ අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය 81.52% ක් හෙවත් ඡන්ද 12,264,377 න් වැඩි ඡන්ද 449,72 ක් ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේය.

ජනාධිපතිවරණය පිලිබදව මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කිසිදු බයක් හෝ තැතිගැන්මක් නොතිබූ බව එතුමාට සමීපතමයන් කියා සිටි.නමුත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන රාත්‍රියේ එතුමාගේ මිණිබිරිය එතුමා ලගට පැමිණ ඇසු ප්‍රශ්නයක් නිසා මෛත්‍රිපාල සිරිසේන මහතා යම් තැතිගැන්මකට ලක්විය.ඒ ප්‍රශ්නය වුයේ “සීයේ මේක පරාද වුනොත් මොකද වෙන්නේ ?” ඒ ඇසු සැණින් මැතිවරණ මාසයම කිසිදු බියක් නොමැතිව මැතිවරණ වේදිකාවල මහින්ද රාජපක්ෂ මහතාව දේශපාලනිකව බිම ඇද දැමු මෛත්‍රිපාල සිරිසේන මහතා කාමරය වෙත ගියේ තැතිගැන්මකින් බව සමීපතමයන් කියා සිටි.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරට මුල් පුරවැසියාය.ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිය.නමුත් එම ධුරය නිසා තම පෞද්ගලික ජීවිතය වෙනස් නොකරගත් මේ සොදුරු මිනිසා එදා සිටම ආහාර වේල ලබාගන්නේ එතුමාගේ බිරිද සකස් කර ලබාදෙන දෙයකි.අදටත් එතුමා මුළුතැන්ගෙය වෙත ගොස් බිරිද විසින් පිළියෙළ කරන රසකැවිලි වැනි දෙයක් එම ස්ථානයට වී අහාරයට ගැනීමට ප්‍රිය කරන්නේය.තවද එතුමාගේ නිල මේසය උඩ තබන මල් සැරසිල්ල අදටත් පිළියෙළ කරන්නේ එතුමාගේ බිරිද වන ජයන්ති සිරිසේන මහත්මියය.

මිත්‍රශීලී හා නිහතමානී පුද්ගලයෙකු වන මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශයන්හි පවත්නා සාම්ප්‍රදායික බෞද්ධ සාරධර්ම විදහා දක්වන්නෙකි. ඔහු සේවයට විශිෂ්ට කැපවීමක්, ජනතාවට සේවයක්, සරල ජිවිතයට වැඩි නැඹුරුවක්, මේ යුගයට ශ්‍රි ලංකාවේ ග්‍රාමීය සම්ප්‍රදායයේ අරටුව සකසන පවුල් සාරධර්මවලට බැඳීමක් විදහා දක්වා ඇත. ඔහුගේ දේශපාලන දිවිය තරුණ වියේදීම ආරම්භ වුවකි. 16 වැනි වියේ සිට ඔහු සමාජ හා දේශපාලන ගැටලූ පිළිබඳ උනන්දුවක් දැක් වූ ඔහු ක්‍රමයෙන් ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟ හැදී වැඩුණේය. ශ්‍රි ලංකාවේ බහුතරය අයත් වන ග්‍රාමීය හා වැඩ කරන ජනතාවගේ ආර්ථීක හා සමාජයීය ගැහැටවලට සහන සැලසීමට ඔහු පැහැදිලි කැපවීමක් පෙන්වා ඇත. තරුණ නායකත්වය යටතේ විරෝධතාවන්ට සහභාගීවීම, පාර්ලිමේන්තු නියෝජනය දක්වා පැමිණීම, දේශපාලන පක්ෂ සංවිධානයේ නායකත්වය, වැදගත් අමාත්‍ය ධුර ඉසිලීම හා මේ වන විට රටේ ඉහළම ධුරය වන ශ්‍රි ලංකාවේ ජනාධිපති ධුරය දක්වා ඔහුව ඔසවා තැබුවේ එම කැපවීම තුළිනි. ඔහුගේ ජනාපධිතිවරණ ව්‍යාපාරය තුළ ලංකාවේ විධායක ජනාධිපතිධුරයේ බලතල අඩු කිරිමේ අවශ්‍යතාවය වෙතත් රටේ සියලූ ජනවර්ග අතර එකමුතුබව සමඟ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ යහ පාලනය ඇති කිරීමත් කෙරෙහි අවධානය යොමු කළ අතර එම කාර්යය කි්‍රයාවට නැංවීමට ඔහු දැන් කැපවී සිටියි.

34319890_10156175254841327_1574909518976909312_o-640x803

Maithripala-family-640x383

maithripala-sirisena-family-photos

Leave a Reply

Your email address will not be published. Required fields are marked *