ධනංජය සිල්වාගේ පියාගේ ඝාතනයට සැකපිට පාතාලයට සම්බන්ධ අඟුලානේ රොෂාන් හා බයියා අත්අඩංගුවට

ar

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අඟුලාන ප්‍රදේශයේදී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ‘අඟුලානේ රොෂාන්’ සහ ‘බයියා’ යන අනවර්ථ නම්වලින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයන් බවටද හෙළි වී ඇති අතර 24 වැනිදා ගල්කිස්ස ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමක් නිසා තිදෙනෙකු තුවාල ලැබූ අතර, තුවාලකරුවන් අතර සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී කේ. රංජන් ද සිල්වා මහතා මරණයට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *