ප්‍රභාකරන් වල් පරයා මගේ සුන්දර හෙළ දීපය විනාශය කරා

ud

තිස් වසරක් පවතී කුරිරු යුද්ධය අවසන් කර අදට වසර 9යි. ඉත්න් වසර 9ක් සපිරෙන මේ මොහොතේ අපිට අහන්නට දකින්නට ලැබුනේ ප්‍රභාකරන්ට මහතා කියන වර්තමාන දේශපාලන පරිසරයකුයි. මේ ප්‍රකාශ හමුවේ රටට ආදරය කරන විශාල පිරිසකගේ හදවත් කලකිරුණා. ඉතින් අද මේ යුධ ජයග්‍රහණය සමරන මොහිතේ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් රටපුරා විවිධ ආගමික පුජා පැවැත්වීමට නියමිතයි

ඒ අතර ලංකාවේ ජනප්‍රිය ගැනය ශිල්පියෙක් වන උදය ශ්‍රී විසින් අපුර ෆේස්බුක් සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා ප්‍රභාකරන්ට මහත්තයා කිව්ව අයට දැනෙන්න “ඒ ප්‍රභාකරන් වල් පරයා” ලෙස ඔහු සටහන්කර තිබීම විශේෂත්වයක්

එය පහතින් ,

30 වසරක් පුරා මගේ සුන්දර හෙළ දීපය විනාශය කරා රැගෙන ගිය (අපට නම් මහත්තයකු නොවන 🤬) ඒ ප්‍රභාකරන් වල් පරයා ඇතුළු අධම LTTE ත්‍රස්තවාදීන් අන්ත පරාජය කළ අපේ සදාදරණීය සියලුම රණවිරුවන්ට මාගේ කෘතඥපූර්වක උත්තමාචාරය වේවා !!! ඒ සඳහා අභීත නායකත්වය දුන් සේනාධිනායකයාණන්, හිටපු ආරක්ෂක ලේකම්තුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සියළුම දේශප්‍රේමීන්ටත් මාගේ උත්තාචාරය වේවා !!! එවකට ඒ සඳහා මහත් උත්තේජනයක් සැපයූ “අපි වෙනුවෙන් අපි තේමා ගීතය” නිර්මාණයට සම්බන්ධ වූ සියලුම සංගීත ශිල්පීන්වත් ඉතාමත් ආදරයෙන් ආවර්ජනය කරමි !!! WE SALUTE OUR HEROS *RESPECT*

Leave a Reply

Your email address will not be published. Required fields are marked *