රෝසි සේනානයකගේ නිල නිවසේ වැසිකිලිය රෙපෙයාර් කරන්න ලක්‍ෂ 57ක් අනුමත කරගනියි

ro

කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය ඊයේ (16) ලැබුණි.

මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්‍රීවරු සිය විරෝධය දැක්වූහ.

පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ පොදු වැසිකිළි නඩත්තු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවද එහිදී ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා සඳහන් කළේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පාලන සමයේදී නවීකරණය කළ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණු බවයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ තමන් නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය පමණක් නවීකරණය කරන ලෙස ඉල්ලා ඇති බවත්, එම නවීකරණ කටයුතු අවසන් කරන තුරු තමන්ට එහි පදිංචියට යෑමට නොහැකි වී ඇති බවත්ය.

කොලඹ නගර සභාවේ මංගල සැසියේ කෑම බිල ලක්‍ෂ පහලොවයි..!

මේ අතර පසුගියදා වාර්තා වූයේ කොළඹ මහ නගර සභාවේ මංගල සැසිවාරයේදී ආහාර සැපයීම සදහා නගර සභාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 15ක් වැය කර ඇති බව එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රී චරිත ගුණරත්න මහතා පවසයි.

මන්ත්‍රීවරුන් 119 දෙනෙකු සදහා මෙතරම් විශාල මුදලක් පළමු දිනයේම වැය කිරීම ගැන තම බලවත් අප‍්‍රසාදය පල කරන බවද ඔහු සදහන් කරයි.

මන්ත‍්‍රීවරුනට ආහාර සපයන බව කියමින් එදින පැමිණ සිටි තවත් 500 දෙනෙකුට ආහාර සැපයීම වඩාත්ම පුදුම සහගත කරුණ බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

සභාවේ මංගල සැසියේ ආහාර පාන සදහා නගර වැසියන්ගේ බදු මුදල් මෙසේ නාස්ති කිරීඹ කිසිසේත්ම අනුමත කල නොහැකි බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *