ලංකාවේ නීතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ – මේ හැමදේම කොහේ හරි හිර වෙලා

වසීම් තාජුඩීන් කියන්නේ ලංකාවේ රගර් ක්‍රීඩාව ආලෝකමත් කළ ක්‍රීඩකයෙක්. තාජුඩීන්ව මියගියේ 2012 වර්ෂයේ මැයි මාසේ 17 වැනි දිනයකයි. ඔහු මිය ගිය පුවත බොහෝදෙනාගේ හදවත කම්පා කරවන සිදුවීමක් වුණා. මේ ඔහුගේ සහෝදරිය වෛද්‍ය අයේෂා තාජුඩීන් මේ ගැන පුවත්පතකට සඳහන් කළ කරුණුයි.

පවුලේ ඥාතීන් විදියට පරීක්ෂණවලින් සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
දැන් ඇත්තම කියනව නම් යන එන මං හොයාගන්න බැරිව අපි ඉන්නේ. ගොඩක් කාලයක් තිස්සේ මේ ප්‍රශ්නේ පරික්ෂණ මට්ටමින් තියෙන්නේ. කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යම් දෙයක් දන්නවා කියලා අපි දන්නවා. අපිට හැමදාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන විශ්වාසය තිබුණා. ඔවුන් කියන්නේ සාක්ෂි පස්සේ යනවා කියලා. ඒත් දැන් හැමදේම අතරමග නතර වෙලා වගේ.

පසුගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි අතර වෙනසක් නැද්ද?
පහුගිය ආණ්ඩුවෙන් මේ සිද්ධිය එළියට ගත්තෙවත් නැහැ. යහපාලන ආණ්ඩුවේ පළමු අවුරුද්දේ හොඳ ප්‍රගතියක් තිබුණා. ඒත් පස්සේ මේ හැමදේම කොහේ හරි හිරවෙලා. මල්ලිගේ දේහය නැවත පරික්ෂණ කරන්න එළියට ගන්න පල්ලිය අනුමැතිය දුන්නා. ඒත් පවුලේ අයට ඒක දරාගන්න බැරි වුණා. ඒ මීට අවුරුදු දෙකකට කලින්. වෙනසක් නැහැ. ප්‍රශ්නෙ එක තැනමයි.

කාගෙද ප්‍රමාදය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙද?
අපට හිතාගන්න බැහැ සිද්ධ වෙන දේවල්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක. ආනන්ද සමරසේකර අත්අඩංගුවට නොගන්න හේතුව විමසද්දි සීඅයිඩී එක අපිට කිව්වෙ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අණ ලැබුණේ නැහැ කියන දේ. දැන් ආනන්ද සමරසේකර තමන්ම ඉදිරිපත් වෙලා ඇප අරගෙන එළියෙ ඉන්නේ.

ඉදිරියට ගන්න පියවර මොනවද?
ඇත්තටම මොනවා කරන්නද හිතාගන්න බැහැ. ලංකාවේ නීතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ ගැන කියන්න ජනාධිපතිතුමා ඇතුළු බොහෝ දෙනෙක් හමුවෙලා තියෙනවා. තෙවැනි වතාවටත් අපි එතුමාට මේ ගැන කිව්වා. නීතිපති දෙපාර්තමේන්තුවට එතුමා අවවාද කරලා තිබුණා. දැන් ඒ සිදුවීම වෙලත් මාස දෙකකට වැඩියි.

ඡන්ද වේදිකාවල තාජුඩීන්ගෙ නම කේවල් වෙන එක ගැන මොකද හිතන්නේ?
ඡන්ද වේදිකාවල ඇතිවෙනකම් මඩ ගැහුවා. මේ ඡන්දෙට නම් මේ ගැන කියනවා මට ඇහිලා නැහැ. ඒ වෙනකම් තමයි මං බලාගෙන ඉන්නේ.

දැන් ආණ්ඩුවේ ඉන්න බොහෝ අය විපක්ෂයේ ඉද්දි යුක්තිය ඉටුකරන්න දීපු පොරොන්දු ගැන මොකද හිතන්නේ?
ඇත්තටම දේශපාලනඥයන්ගෙ මේ නඩුවට ලොකු සම්බන්ධයක් තිබුණෙ නැහැ. යහපාලන ආණ්ඩුව ඇවිත් මේක භාරගත්තම සීඅයිඩී එකත් එක්ක අපි සම්බන්ධවෙලා හිටියේ. සමහර මැති ඇමතිවරු පුද්ගලිකව කතා කරලා තියෙනවා. ඒත් අපට යුක්තිය ඉටු වුණේ නැහැ.

අවසාන වශයෙන් ඔබට කියන්න දෙයක් ඇති?
නැතිවුණ දේ අඩුව දැනෙන්නේ අපිට විතරයි. කාලයක් යද්දි හැමෝටම මේක අමතකයි. අපේ ආගමේ විදියට කවදා හරි ඇත්ත හෙළිවේවි. ඒ වෙනකම් අපි බලාගෙන ඉන්නවා.

ධනකුවේර බිල් ගේට්ස්ගේ දියණිය හිතන්නේවත් නැති රටක කොල්ලෙක් සමග පෙමින් වෙලිලා

Microsoft සමාගමේ හිමිකරු වූ ලෝකයේ අංක එකේ ධනවතා වන බිල් ගේට්ස්ගේ වැඩිමහල් දියණිය මේ වනවිට තරුණයකු සමඟ පෙමින් වේලි සිටින බව දැනගන්නට ලැබුණා.නමින් ජෙනිෆර් ගේට්ස් වන ඇයගේ අරාබි පෙම්වතා ලෝකයට රහසක්ව තිබියදී දෙදෙනා කුවේට් රාජ්‍ය යේ තෙදිනක් සංචාරයේ යෙදීම සමාජ මාධ්‍ය ජාලා වල සුවිශේෂී තැනක් ගෙන තිබිණි.

කෙසේ වෙතත් ඇමරිකාවේ ඉපදුන ඇය කව්රුත් නොහොතපු රටක ජාතිකයකු සමඟ පෙමින් වේලි ඇති බවයි අපිට දැනගන්නට ලැබුනේ. වැඩි විස්තර සහ ඔවුන් දෙදෙනාගේ ඡායාරුප සහිත වීඩියෝව පහතින්

හර්ෂණ බෙත්මගේ කල බලන්නම වටින අප්පච්චි ගැන හදවතට දැනෙන සුපිරි සින්දුවක්

හර්ෂණ බෙත්මගේ කල බලන්නම වටින අප්පච්චි ගැන හදවතට දැනෙන සුපිරි සින්දුවක්

අවුරුදු 30 තරුණයෙක් අවුරුදු 4 ක දැරියක් විවාහ කරගත් ලොවක් කතාවුණු ඡායාරූපවල සංවේදී කතාව මෙන්න

අවුරුදු 30 තරුණයෙක් අවුරුදු 4 ක දැරියක් විවාහ කරගත් ලොවක් කතාවුණු ඡායාරූපවල සංවේදී කතාව මෙන්න

දැන් වයස 81 යි මට හොද ෆිට් එකක් තියනවා ක්‍රිකට්වලට නැතිවම බැරි පර්සි අංකල් කිව්ව සංවේදී කතාවක්

චරිත බිහිවන්නේ තරු අතරින් නොවේ. සහෘදයාගේ ආදරය මතිනි. කාලය ගෙවී ගිය ද චරිතයෙහි වටිනාකම් හීනවන්නේ නැත. තරු මිලින වුව ද චරිත මිලින වන්නේ නැත. පර්සි අබේසේකර නම් වූ අසහාය ක්‍රිකට් ප්‍රේක්‍ෂකයා, දිරි දෙන්නා ලාංකේය ප්‍රේක්‍ෂකාගාරයෙහි මිලින වූ තරුවක් නොව ක්‍රීඩාවට හිතැති සහෘද සන්තානයෙහි සදාතනික චරිතයක් බවට පත් වන්නේ ද එහෙයිනි. මේ ඒ සදාතනික පර්සි අබේසේකර සමග ගෙවුණු විනාඩි කිහිපයකි.

පර්සි දැන් ක්‍රිකට්වලින් අයින් වෙලාද?
නෑ තාම ඉන්නවා.

පහුගිය කාලෙ දකින්න හිටියේ නැත්තේ?
මගේ බිරිඳ නැති වුණා. අක්කා නැති වුණා. ඒ දේවල් එක්ක ටිකක් ක්‍රිකට්වලින් ඈත්වෙලා හිටියේ. ඒ නිසයි ආවේ නැත්තේ.

කවදද ආයෙ ක්‍රීඩාලෝලීන් අතරට එකතු වෙන්නේ?
ඉක්මනටම එනවා. ඊළඟ ටුවර් එකෙන් පස්සේ ආපහු එන්න තමයි හිතාගෙන ඉන්නේ. අනිවාර්යයෙන් ඊළඟ සංචාරෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මම එනවා.

පර්සිගෙ පුංචි කාලෙ ගෙවුණෙ කොහොමද?
මම පොඩි කාලෙ හිටියේ ගාල්ලේ. අපේ අම්මයි තාත්තයි දෙන්නම මුල් ගුරුවරු. ඒ අය එහේ හිටපු කාලේ තමයි අපි එහේ ඉස්කෝලවලට ගියේ. මම 1941 ඉඳන් 1947 වෙනකල් මම ගියේ ගාල්ලේ රිච්මන්ඞ් එකට. 47 ඉඳන් 54 වෙනකල් ඇලෝසියස්. ඒකෙන් සාමාන්‍ය පෙළ විභාගයට ලිව්වා. ඊට පස්සේ ඇක්වයිනාස් එකට ගියා. ඒ අතරේ ශ්‍රී රතනසාර ඉස්කෝලේ පාලි, සිංහල ඉගෙන ගත්තා.

ක්‍රිකට්වලට කැමතියිද ඒ කාලේ?
උසස් පෙළ ලන්ඩන් විභාගය කළේ 1958. ඉකොනොමික්ස් මම පාස්. ඉකොනොමික් හිස්ටි්‍ර එක දවසේ ලංකාවයි ඉන්දියාවයි ගෝපාලන් කුසලාන මැච් එක තමිල්නාඩුවල. සතාසිවම්, සාරුව ජයවික්‍රම, බෙන් නවරත්න වගේ අය තමයි ලංකාව වෙනුවෙන් සෙල්ලම් කළේ. පොඩි පොකට් රේඩියෝ එකෙන් තමයි අහන්නේ. එදා මැච් එකේ සී.අයි.ගුණසේකර හොඳට සෙල්ලම් කළා. සී.අයි බැට් කරන්න යනකොට කාර් පාක් එකේ කාර් තියන්නේ නෑ. එයා ජයසූරියටත් වඩා වේගයෙන් පන්දුවට පහර දෙන කෙනෙක්. එයා එදා 100ක් ගහල තිබුණා. එදා පේපර් එක දෙන්න කලින් මගේ යාළුවා කිව්වා මම යනවා මැච් එක බලන්න කියලා. මමත් ගියා. එදා මැච් එක ලංකාව දිනුම්. මම විභාගේ ෆේල්.

ගෙදරින් දඬුවම් ලැබෙන්න ඇති?
ඒ පේපර් බලන්නෙ ලන්ඩන්වල. රිසාල්ට් එකේ විෂයයට යටින් පොඩියට ඒබීඑස් කියලා දාලා තිබුණා. මට දැන් බයයි මේක අරන් ගෙදර යන්න. ඉස්කෝලේ ෆාදරුත් සැරයි. ගෙදර ෆාදරුත් සැරයි. දෙන්නගෙම අතේ වේවැල තියෙනවා. තාත්තගේ නීතිය තිබුණේ පේපර් එක අමාරු වුණාට ෆේල් වුණාට කමක් නෑ විභාගෙ ලියන්න ඕනේ කියලා. මගෙන් ඇහුවා මොකද අර විෂයයට වුණේ කියලා. මම කිව්වා බෑඞ් ෆේලියර් කියලා. අර පොඩියට තිබුණු අකුරු එයා දැක්කේ නෑ. පහුවදා එයා ඉස්කෝලෙට ගිහින්. ෆාදර් පීටර් පිල්ලේ තමයි එදා හිටියේ. එයා අපේ තාත්තට කියලා මේ විභාගෙට මම ගිහින් නෑ කියලා. තාත්තා ගෙදර ඇවිත් දවස් 3කට පස්සේ මගෙන් ඇහුවා මොකද වුණේ කියලා. මම කලින් උත්තරේම දුන්නා. මට එවෙලෙම කම්මුල් පාරක් දුන්නා.

ඉස්කෝලෙ ගමන් එතනින්ම ඉවර වුණා?
තාත්තා කිව්වේ මෙයාට තියෙන්නේ ක්‍රිකට් පිස්සුවක්. උගන්වලා වැඩක් නෑ කියලා. තාත්තගේ ආශාව තිබුණේ මාව නීතිඥයෙක් කරන්න. ඒ වෙද්දි ටිරෝන් ප්‍රනාන්දු හිටපු විදේශ කටයුතු ඇමති, සුනිල් සිල්වා සොලිසිටර් ජෙනරල්, වාසුදේව නානායක්කාර, උමා පොන්නම්බලම් මගේ පන්තියේ හිටියේ. ඇක්වයිනාස් එකේදි ගාමිණී දිසානායක,ජෝන් අමරතුංග, ජයලත් ජයවර්ධන වගේ කට්ටිය. ඒ අය මට වඩා ජූනියර් ඊට පස්සේ කලුතර ්ඵඋ එකේ වැඩට ගියා. එතන හිටියා සිරිල් ද සොයිසා. අපේ නෑදැයෝ. එයා තමයි 1981 ස්ටොක් කොන්ට්‍රෝල් ඔෆිසර් කෙනෙක් විදියට මාව සම්බන්ධ කරගත්තේ. එතන අවුරුදු 20ක් හිටියා. ඒකේදි මම 68 අවුරුද්දේ ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් වුණා. වෙළෙඳ සේවා අංශයක ශූරතාව දිනාගත්තේ මගේ නායකත්වය යටතේ. මම වමත් පිතිකරු දකුණත් පා දඟ පන්දු යවන්නෙක්. එතනින් වර්තමාන සභාපති මදනායක මහත්තයත් එක්ක මම ්ක්‍ඛ එකට සම්බන්ධ වුණා.

ඔය මොනව කිව්වත් අපි පර්සිව දන්නේ ක්‍රිකට් නරඹන්නෙක් විදියට, නිකම්ම නරඹන්නෙක් නෙවෙයි ක්‍රීඩකයන් දිරිමත් කරන්නෙක් විදියට. කොහොමද ඒකට යොමු වුණේ?
මම ඇලෝසියස් එකේ ඉගෙන ගන්න කාලේ නිවාසාන්තර ක්‍රීඩා තිබුණා. නිවාස 5ක්. ඒ නිවාසවල ක්‍රිකට් ගහනකොට සෙල්ලම් කරත් නොකළත් හවුස් එකේ කොඩිය පාවිච්චි කරන්න ඕනේ. ඒකෙන් තමයි කොඩියට පුරුදු වුණේ.

දිරි දෙන්නෙක් විදියට ප්‍රේක්‍ෂකාගාරයට එන්නේ කොයි කාලෙද?
මම කොඩියක් අරන් චියරින්වලට ආවේ 79. එංගලන්තයේ තමයි මැච් එක තිබුණේ. එතකොට පර්සිස් ෆන්ඞ් කියලා අරමුදලක් තිබුණා. ඒ මැච් එක අපි දිනුවා. ඒකෙන් තමයි ලෝක කුසලානෙට සුදුසුකම් ලැබුවේ. ඊට පස්සේ ඉන්දියාව එක්ක මැච් එක. මැච් එකේදි කැච් එකක් ආවා දුලිප් මෙන්ඩිස්ගේ. අපි කෑ ගැහුවා ඕක අල්ලන්න බෑ, පිටි පස්සේ පිස්සු බල්ලෙක් කියලා. කැච් එක අත ඇරුණා. අපි ඒ මැච් එකත් දිනුම්.
පහුවදා ගාඩියන් පත්තරේ හෙඩි ලයින් එක තිබුණේ මගේ නම. පර්සි අබේසේකර නිසා මැච් එක දිනුවා කියපු කතාවක් තමයි තිබුණේ. ගවස්කාර්ලට තාම ඒ උෂ්ණෙ තියෙනවා. අදටත් එයා නිවේදනය කරද්දි කියනවා සමහර මැච් ඉන්දියාව පැරදුණේ පර්සි නිසා කියලා. ඒ හැඟීම එයාලට ඇති වෙලා තියෙනවා.

මොකක්ද අර පොලිසි ගිය කතාව?
1972දී ඔස්ටේ්‍රලියා 19න් පහළ ටීම් එක ලංකාවට ආවා. ඒ ඇවිත් ලංකාවේ 19න් පහළ ටීම් එකත් එක්ක මැච් 3ක් තිබුණා. අපි පළවෙනි මැච් දෙක හොඳට කළා. මැච් දෙකම ඩ්‍රෝ. තුන්වෙනි මැච් එකේ අවසාන දවස. ලංකාව පරදින්න යන්නේ. මම අතේ කොඩියක් තිබුණෙත් නෑ. බොඩිය විතරයි. විකට් 7ක් ගිහින් ලකුණු 100ක් විතර ගහන්න ඕනේ. පැයක විතර කාලෙකුත් තියෙනවා. මැච් එක කොහොම හරි ඩ්‍රෝ කරවන්නයි මට ඕනේ. අපි කලින් මැච් එකේදි බැට් කරද්දි ඔස්ටේ්‍රලියාවේ අය අපේ ක්‍රීඩකයන්ට කළුවො, අඟුටුමිට්ටෝ කියලා බැන්ණා. මගෙ ඔළුවෙ ඒකත් තිබුණා. අසිත ජයවීර ලකුණු 50ක් ගැහුවා. මම පිට්ටනිය මැද්දට ගිහින් අසිත ජයවීරව බදාගත්තා. එයාගෙ බැට් එක ඉල්ල ගත්තා. විකට් එකට ගිහින් අම්පයර්ගෙන් ස්ටම්ප් එක ඉල්ලුවා. අම්පයර් මට බැන්නා ගෙටවුට් මෙන් කියලා. කීපරුත් බණිනවා. විනාඩි 3ක් විතර මම මැද. මිනිස්සු කෑ ගහනවා. කවුරුත් දන්නෙ නෑ මම පර්සි කියලා. පස්සේ පොලිසියේ ඕ.අයි.සී. ඇවිත් මාව අල්ල ගත්තා. මාව එක්ක යද්දි මහාදේවන් සතාසිවම් පොලිසිය එක්ක කතා කරා. කොහොම වුණත් මට පයින් ගහලා තමයි පොලිස් කූඩුවට දැම්මේ.

සතාසිවම් රුපියල් 100ක් දීලා මට ඇප දීලා තිබුණා. එතකොට රෑ 11යි. මම එළියට එද්දි 500ක් විතර සෙනග. මම ඇහුවා මැච් එක මොකද කියලා. එයාලා කිව්වා ඔයාට පිංසිද්ධ වෙන්න මැච් එක ඩ්‍රෝ කියලා. ඊට පස්සේ තමයි එයාලා මාව පර්සි කියලා දැන ගත්තේ. ඊට පස්සේ උදේ 3 වෙනකල් මැච් එක ඩ්‍රෝ කර ගත්ත සතුට සැමරුවා.

අනෙක් ප්‍රේක්‍ෂකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ ?
මම චියර් කරන හැටියට එයාලා වශී වෙලා. පළවෙනි මැච් එකේදි සුද්දෙක් මට කිව්වා උඹේ කොඩිය මගේ පිටේ ගහන්න කියලා.මම ගැහුවා. සමහරු එයාට හූ කිව්වා. මම කොඩිය එයාට තෑගි කළා. ඊළඟ සැරේ මට ගෙදරට ආරාධනා කළා. මම එහේ යද්දි මම දුන්න කොඩිය තමයි එයාගේ ගෙදර බිත්තියේ ගහල තිබුණේ.

ක්‍රීඩකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙන්න ඇති?
1984දි ලංකාවෙදි තිබුණා තුන්කොන් තරගාවලියක්. ලංකාවයි, නවසීලන්තෙයි, පාකිස්තානෙයි. මම චියර් කරන හැටි නවසීලන්තෙ අය බලන් හිටියා. මාටින් ක්‍රෝ තමයි එතකොට නවසීලන්තයේ විතරක් නෙවෙයි ලෝකයේ හොඳම බැට්ස්මන්. එදා එයා තරගයේ වීරයා වුණා. තරගයේ වීරයා විදියට සම්මානෙ අරන් එද්දි එයා මාව දැක්කා. පස්සේ මගේ ළඟට ඇවිත් එයාගෙ සම්මානේ මට දුන්නා. හම්බවුණ සල්ලිත් දුන්නා. මම කිව්වා සල්ලි ගන්නේ නෑ. කුසලානේ යද්දි දෙන්නම් කියලා. හවස ඔබරෝයි එකට ගියා. එතකොට රිචඞ් හැඞ්ලි, මාටින් ක්‍රෝ, සිදත් වෙත්තමුණි තුන්දෙනා කෑම කනවා. මම කුසලානේ හංගගෙන ගියේ. මම යද්දිම සිදත් වෙත්තමුණි ගියා. මාටින් ක්‍රෝ මට වාඩිවෙන්න කිව්වා. මම කුසලානේ ආපහු දුන්නා. ඒත් එයා ගත්තේ නෑ. පස්සේ එයාගෙ කාමරේට එක්කරන් ගියා. ඒ ගිහින් එයාගෙ අවුරුදු 10ක් පාවිච්චි කරපු හැට් එක මට දුන්නා. අනිත් ක්‍රීඩකයොත් මට තෑගි දුන්නා. රිචඞ් හැඞ්ලිට දෙන්න දෙයක් තිබුණෙ නෑ. එයා දුවගෙන ගිහින් නවසීලන්තේ ඔෆීෂියල් ටයි එක දුන්නා. එතකොට මට ලංකාවෙ ටයි එකවත් හම්බවෙලා නෑ.

96 ලෝක කුසලාන මැච් එක ගැන තියෙන්නේ මොන වගේ මතකයක්ද?
වර්ලඞ් කප් අවසාන තරගෙට කලින් ඊඞ්න් ගාර්ඞ්න් එකේ ඉන්දියාව එක්ක මැච් එක. එතකොට මමයි, තිස්සයි, ලයනලුයි තුන්දෙනාම හිටියා. දැන්නම් එයාල කොහෙද දන්නෙත් නෑ. එදා මැච් එක ඉවර වෙද්දි ටී ෂර්ට් එක සැලඞ් එකක් වගේ. මැච් එක පැරදුණායින් පස්සේ ඉන්දියාවේ කෙනෙක් ඇවිත් මගේ කොඩියෙන් ඇද්දා. මම දුන්නේ නෑ. පස්සේ ඒක ඉරුණා. ඒ කොඩිය තවමත් මගේ ළඟ තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිත් ප්‍රශ්නේ බේරුවා.
එදා එළියට බහිද්දි මාව මරණ තත්ත්වෙක හිටියේ. අර්ජුනයි, ගුරුසිංහයි මට එන්න කියලා එයාලත් එක්ක තමයි ගියේ. ඊට පස්සේ ෆයිනල් එක ලාහෝර්වල. අපිට පාස් එකක්වත් තිබුණෙ නෑ. පස්සේ ලංකාවෙ කෙනෙක් අපිව හොරෙන් වගේ අරන් ගියා. එදා හොටෙල්වලින්වත් කීයක්වත් ගත්තෙ නෑ. එදා මැච් එක දිනුවට සනයි, කලුයි කලින්ම අවුට්නේ. මට බයයි. මම පිරිත් කියන්න පටන් ගත්තා වැඳගෙන. මම ඒක සාමාන්‍යයෙන් කරනවා. ලංකාවෙ මැච් තියෙන පළාත්වල ප්‍රසිද්ධ පූජනීය ස්ථානවලට මම යනවා. මැච් එකට කලින්. නුවර තියෙද්දි දළදා මාලිගාවට, හම්බන්තොට නම් කතරගමට, දඹුල්ලේ නම් දඹුලු ලෙන් විහාරෙට යනවා.

කාන්තාවන්ගෙනුත් ලොකු ආකර්ෂණයක් තියෙනවා?
මම චියර් කරන වෙලාවට ගෑනු අයත් එනවා. සමහරු කියනවා මම මනමාලයෙක් කියලා. මම එහෙම කෙනෙක් නෙවෙයි. ගෑනු අය කිස් කරනවා. එයාල එක්ක ඩාන්ස් කරනවා. අපි පරණ ඉස්කෝලෙ අය. අලුත් අයට මේව මැජික් වගේ. සමහරු නම් ලව් පාට් වගේ එනවා. එයාලගේ අයිඩියා තිබුණේ මගේත් එක්ක ගිහින් කට්ටිය අඳුරගන්න. ඒ නිසා මම දැන් ඒවට යන්නෙ නෑ.

ක්‍රීඩකයෝ අඩු ලකුණු ගානකට දැවී යන්නත් ප්‍රේක්‍ෂකාගාරය හේතුවක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථා අත්විඳලා නැද්ද ?
ඬේවිඞ් බූන් – ටස්මේනියන් ගූන්
කම්බැක් සූන් – බිෆෝ නූන් කියද්දි තුන්වෙනි බෝලෙට අවුට්. බූන්ට මගේ දුක පළ කරන්න ගියාම බැට් එක අරන් මට ගහන්න ආවා. එයාට මර්ඩර් කේස් එකකුත් තියෙනවා. හැබැයි දැන් නම් මට හරි ආදරෙයි.
එක දවසක් අසුරුදීන් බැට් කරන්න එද්දි මම කිව්වා උඹ 3 වෙනි බෝලෙන් අවුට් වෙනවා මම හීනෙන් දැක්කා කියලා. අසුරුදීන් මෙහෙට ආවේ එක දිගට සීයෙ ඒවා තුනක් ගහලා. අපේ අය බය වෙලා හිටියේ. මම කළේ අසුරුදීන් දිහා බැලුවා. ළාමක සෙන්සිටිව් චරිතයක්. වචන ඇති එයාට. එයා තුන්වෙනි බෝලෙට අවුට් වුණා. එයා හිතුවා මම මන්තරකාරයෙක් කියලා. අවුට් වෙලා උඩට ගිහින් මම කෑමට යද්දි එයා කපිල් දේව් එක්ක පහළට එනවා. මම දැක්කා විතරයි ආපහු හැරිලා ගියා. මම කළේ පේමන්ට් එකෙන් ඇට මාලයක් අරන් අසුරුදීන් බැට් කරන්න උඩ ඉද්දි වැඳගෙන පිරිත් තියනවා. අසුරුදීන් දිහාත් බලනවා. මිනිහා මම දිහා බලන්නේම නෑ. බැට් කරන්න යද්දි ළඟටම ගිහින් පිරිත් කියනවා. ඒ තරගාවලියේදි ලෝකේ හොඳම බැට්ස්මන්ගෙ සාමාන්‍යය ලකුණු 18යි. සරා ස්ටේඩියම් එකේ ටෙස්ට් මැච් එකත් අපි දිනුම්. අසුරුදීන් මට අදටත් බය ඇති. ඒකට ජේ.ආර් උන්නැහැ නිවාඩුත් දුන්නා. සමහරු කියනවා මම ඉද්දි ලක් එක තියෙනවා කියලා. සමහර විට මම කියන දේට හොඳ ක්‍රීඩකයෝ අවුට් වෙලා තියෙනවා. ඔය වටේට යන්න බැරි වෙන්න වැටවල් දාලා තියෙන්නේ මම නිසයි කියලත් කියනවා.

දැන් වයස කීයද?
81යි.

තව ක්‍රිකට් වෙනුවෙන් දුවන්න පුළුවන්ද?
ඇයි බැරි මට හොඳ ෆිට් එකක් තියෙනවා අනිත් අයට වඩා. මම හිතනවා මට තව ගොඩක් කල් ක්‍රිකට් වෙනුවෙන් දායකත්වය දෙන්න පුළුවන් කියලා.

සාරංගගේ උපන්දිනය දවසේ අම්මා අමතක නොවන තෑග්ගක් සාරංගට දුන්නු හැටි

ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.

ඉතින් සාරංගට ක්ෂේත්‍ර යේ බොහෝ දෙනා සුබ පතා තිබුණා.

මේ සාරංගගේ මව සාරංගගේ උපන්දිනය වෙනුවෙන් කළ ගීතයක්.

අනතුර ගැන කලින්ම ෆේස්බුක් එකේ කියලා එතනම මිය ගිය දඹදෙනියේ පාසල් දරුවා

අනතුර ගැන කලින්ම ෆේස්බුක් එකේ කියලා එතනම මිය ගිය දඹදෙනියේ පාසල් දරුවා

මෙගා රන් එකේ දුවන්න ගිහින් දිනක්ෂිට වෙච්ච වැඩේ දිනක්ෂි පැන්නද? වැටුනද?

මෙගා රන් එකේ දුවන්න ගිහින් දිනක්ෂිට වෙච්ච වැඩේ දිනක්ෂි පැන්නද? වැටුනද?

අම්මයි තාත්තයි නැති ගෙදර මල්ලිලා දෙන්නට මවක් වූ අවුරුදු 10 දැරියගේ සංවේදී කතාව

අම්මයි තාත්තයි නැති ගෙදර මල්ලිලා දෙන්නට මවක් වූ අවුරුදු 10 දැරියගේ සංවේදී කතාව

මෛත්‍රී ජනපතිගේ නමත් සින්දුවට ගලපයි හිටපු ජනපතිගේ පුත් රෝහිත කිව්ව සින්දුව මෙන්න

මෛත්‍රී ජනපතිගේ නමත් සින්දුවට ගලපයි
හිටපු ජනපතිගේ පුත් රෝහිත කිව්ව සින්දුව මෙන්න