ඔයාට හොර අහුවෙනවනේ මම ඔයාට භයයි හැමෝම වශී කරගත් මායාකාරි නදීශා ට ගහපු හින්ට් එක

ඔයාට හොර අහුවෙනවනේ මම ඔයාට භයයි
හැමෝම වශී කරගත් මායාකාරි නදීශා ට ගහපු හින්ට් එක

ශ්‍රී ලංකා කණ්ඩායම දැනට පත්වෙලා තියන ඉරණමට වගකිව යුතු කෙනා ගැන මහේල මුල්වරට කතාකරයි

ශ්‍රී ලංකා කණ්ඩායම දැනට පත්වෙලා තියන ඉරණමට වගකිව යුතු කෙනා ගැන මහේල මුල්වරට කතාකරයි

දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ළඳුනේලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ.”

වෛශ්‍යාව එසේත් නොමැතිනම් ගණිකාව,අභිසාරිකාව මෙලෙස විවිධ නාමයන්ගෙන් අපි ඇයව හඳුන්වන්නෙමු.
ඉන්දියාවේ පැරණිතම වෘත්තිය ලෙස මෙය හඳුන්වන අතර බුදුරදුන් සමයෙහිද අම්බපාලි,අඞ්ඩකාසි වැනි ප්‍රසිද්ධ ගණිකාවන් හිඳ තිබේ.
එහිදී රාජ මහාමාත්‍ය ආදීහු මොවුන්ගේ සේවය ලබාගෙන තිබේ.එහෙත් කුමන ලෙසකින් හැඳින්වූවද ඔබ අප ඇතුලු සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් ඇයව දකිනුයේ සමාජ පිළිලයක් ලෙසටයි.
ඇත්තෙන්ම මේ සමාජය තුළ ඇය කවුරුන්ද?
ඇයට හිමි තත්වය කුමක්ද යැයි නිවැරදි දෘෂ්ටි කෝණයකින් යුතුව මඳක් සිතා බැලීමට කාලය අපට අවසර දී තිබේ.
දුහුල් ඇඳුමකින් ගත වසාගෙන ගොම්මන් වේලාවන්හිඳී වීදි කෙළවරට වී සිටින්නේ ඇයයි.
බොහෝ දෙනෙක් ඇයව දුටුවිට පිළිකුල් කරති.බැණ වදිති.මූණ හකුලා ගනිති.එහෙත් ඔබ අපි සියල්ලන්ම සිතිය යුතු යමක් ඇත.
එනම් ඇයද මෙම නරුම සමාජ ක්‍රමයේම නිෂ්පාදනයක් බවයි.එලෙස ඇයව පිළිකුල් කරන,ඇයට බැණ වඳින උගත් බුද්ධිමත් යැයි සමාජයේ නම් දරන බොහෝ පිරිස් ඇය සමඟ රාත්‍රියේ දී කාලය ගතකර ඇගේ ගත මත සැතපී ඇගේ ගත මොණර කොළ වලින් වසා දමන්නේ තම පවිත්‍ර නාමය තවදුරටත් රඳවා ගැනීමේ චේතනාවෙන් යුතුවයි.
කාන්තාවක් මෙබඳු ඉරණමකට ගොදුරුවීමට බොහෝ විට ඇය අයත් පවුල් පරිසරය හේතුවූවා විය හැකිය.
එහිදී ඇගේ ස්වාමියා විසින් ඇයව නොසලකා හැරීම හේතුවෙන් ඇගේ දරුවන්ගේ කුස පිරවීමට මෙම සමාජ ක්‍රමය තුළ ඇයට වෙනත් රැකියාවක් නොමැති වූවා විය හැකිය.තවද ගමේ සිට නගරයට පැමිණෙන බොහෝ තරුණියන්ට රැකියාවක් සපයාදෙන මුවාවෙන් ඇතැමුන් ඔවුන්ව මෙම තත්වයට ඇද දැමිය හැකිය.
තවද නිවසට හිතුවක්කාර වී නගරයට පැමිණෙන තරුණියන්ටද මෙම ඉරණම ඇතැම් විට හිමිවිය හැකි අතර තවද කුඩා කල විවිධ අතවර වලට භාජනය වන්නන්ටද මෙම තත්වය උරුම වෙයි. සමාජයේ නූතන ප්‍රවණතාවය වන්නේ මවුපියන්ගේ අකමැත්තෙන් විවාහ වන ඇයව තම ස්වාමියා විසින්ම විවිධ පුද්ගලයන්ට විකුණා මුදල් ලබා ගැනීමත් අවසන ඇය ගණිකාවගේ තත්වයට පත්වීමත්ය.
මේ ආදී ලෙසට ඇය ගණිකාවක් බවට පත්වීමට කුමන සමාජ තත්වයක් බලපෑවද කිසිවෙකුගේ දියණියකි.
මවකි,බිරිඳකි.බොහෝවිට ඇය මෙම වෘත්තියේ නිරත වනුයේ තම කුඩාවුන් පෝෂණය කිරීමට විය හැකිය.
ඒ සඳහා ඇයට අන් මඟක් නොමැති විය හැකිය.ලංකාවේ මෙම වෘත්තියට පත්වූවන් අතරින් සියයට අනූනමයක්ම තමාට ජීවත්වීමට වෙනත් ස්ථීර රැකියාවක් ලැබේ නම් මෙම ක්‍රියාව අත් හැරීමට කැමැත්තක් දක්වයි.
කෙසේ වුවද අප සැවොම සිතිය යුතු යම් කරුණක් ඇත.එනම් යම් කාන්තාවක් මෙම තත්වයට පත්වීමට පවතින සමාජ ක්‍රමය ද ආර්ථික විෂමතාවද හේතුවන බවයි.වෛශ්‍යාවන් පිළිබඳව පැවසෙන ප්‍රසිද්ධ ගීතයක මෙසේ කියැවෙයි.
“ළඳුනේ…… ළදුනේ
ඔබේ දෑස් දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ …
දෙනෝ දහක් අතගත්තද
සැමියෙකු නැති ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ……”
මේ ගීතය ගණිකාවන් පිළිබඳව බොහොම උපේක්ෂාවෙන් යුතුව දකින ගීතයක්.ඇත්තෙන්ම සමාජයේ ජීවත්වෙන විට අපට ඇ පිළිබඳව මේ ලෙසට සිතන්නට නොහැකිද?
ඇය තමන්ගේ මුළු ජීවිත කාලයම සමාජයෙන් පැමිණෙන අපවාද ගැරහුම් ආදිය සමඟින් ජීවත් විය යුතුද?
ඇය දෙස කවියා විලසින් යම් උපේක්ෂාවකින් බැලිය නොහැකිද?මෙහිදී අප සිතිය යුතු වැදගත් කරුණක් තිබේ.
එනම් බොහෝවිට ඇයට බැණවදින අපහාස කරනා උන් ඇගේ පහස විඳින්නට පෙළගැසෙන බවයි.
එහෙත් ඔවුන් බොහෝ දුරට සමාජයට තම හොඳ මුහුණ පෙන්වන අතර සියලු අපවාද ගැරහුම් පැමිණෙන්නේ එකී කාන්තාවටයි.මේ ලෙස බලන කල ගණිකා වෘත්තියේ යෙදෙන්නේ වරදකරුවන් නම් ඇගේ සේවය ලබාගන්නා උත්තමයන්ද ඒ ලෙසම වරදකරුවන් නොවේ යැයි කිවහැක්කේ කාහටද?
කාන්තාවක් මෙම වෘත්තියේ නිරත වුවද බොහෝ පිරිස් මෙයට නැඹුරු වනුයේ තම කැමැත්තෙන් නොවේ.
එහෙත් ඇයට ජීවත් වීමට මෙම ක්‍රියාවේ දිගින් දිගටම නිරත වීමට සිදුවී තිබේ.
ඉහත කවියේ පැවසෙන ආකාරයට ඇගේ ලැමෙහි තම සිරුර සතපවා ගන්නා උගත් පිරිස් ඇගේ ළයෙහි පවත්නා දුක් ගින්දර නොදකිති.
මෙය වත්මන් සමාජ විෂමතාවයයි.ඇය වක්‍රාකාරයෙන් හෙළිදරව් කරනුයේ අප සමාජ ක්‍රමයේ දුබලතාවය නොවේද?ඇය කරන වෘත්තිය යහපත් හෝ උසස් ලෙස දැකීමට යැයි මම නොපවසමි.ඇය මෙම තත්වයට පත්වීමට හේතුවන්නේ බොහෝ විට පවත්නා සමාජ විශමතාවයන් නිසාය.
ඇය පිළිබඳව යම් අනුකම්පාවකින් හෝ උපේක්ෂාවකින් හෝ දැකීමට හැකිනම් සමාජයේ යහපත් ලෙස අපට යම් තරමකට හෝ සතුටු විය හැකි නොවේද?මඳක් සිතන්න?දැන් සිතා බැලීමට කාලයයි.

මුලතිව් ප්‍රදේශයෙන් යුද හමුදාව සම්පූර්ණයෙන්ම ඉවත් වෙයි

යුද හමුදාව විසින් ගත වූ කාලයේදී මුලතිව් කේපාපිලව් ගම්මානයේ ඉදි කරන ලද සියළුම ගොඩනැගිලි එහි වැසියන්ට ප්‍රයෝජනයට ගත හැකි අන්දමට ඉතිරි කොට ඔවුන් එම පළාතෙන් මුළුමනින්ම 31 දා වන විට ඉවත්ව ගොස් තිබෙනවා.
යුද සමයේදී ආරක්ෂාව තහවුරු කිරීම පිණිස යුද හමුදාව මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් හා සීනිමෝට්ටෙයි යන පළාත් වල ඉඩම් අක්කර 132 ක් ප්‍රයෝජනයට ගෙන සිටි අතර එම ඉඩම්ද පසුගියදා උත්සවශ්‍රීයෙන් යුතුව මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් මහත්මිය වෙත බාර දී තිබුණා.
යුද හමුදාවට මේම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායකයින් බල කොට සිටි අතර ගම්වැසියන් යුද හමුදාව රැදී සිටීමට එරෙහිව දින 300 ක් අඛණ්ඩ විරෝධතාවයකද නිරතව සිටියහ.
යුද හමුදාව ඉවත් වූ ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් යළි පදිංචි කරවීමේ කටයුතු මුලතිව් දිසාපති කාර්යාලය මගින් දැන් ආරම්භ කොට තිබේ.

සනුකගේ සංසාර සිහිනේ සින්දුව පොඩ්ඩෙක් ගැම්ම දාලා කියන අපූරුව

සනුකගේ සංසාර සිහිනේ සින්දුව පොඩ්ඩෙක් ගැම්ම දාලා කියන අපූරුව

රෑ කෑමට හෝටලයකට ගිය හිටපු වනජීවී ඇමතිගේ පිගානේ හිටි සතා නිසා ඇමතිට වෙච්ච වැඩේ මෙන්න

කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් ආහාර ගැනීමට ගිය විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයාට පිළිගැන්වූ කෑම පිඟානේ තිබියදී පණුවෙකු හමුවීමේ පුවතක් වාර්තා වනවා.

හිරු ටී.වී ඔස්සේ පෙරේදා (28) විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට සහභාගී වීමට පැමිණි අමාත්‍යවරයා වැඩසටහනට සහභාගී වීමට පෙර ආහාර ගැනීමට ගිය අවස්ථාවේදී මෙම අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

නැවත මෙවැනි සිදුවීම් සිදුනොවන ලෙසට වග බලා ගන්නා ලෙසටයි එම අවස්ථාවේ වන්හලේ සේවකයින්ට අමාත්‍යවරයා පවසා ඇත්තේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ මෙරට සංචාරයක නිරත විදෙස් ජාතිකයෙකු මෙම අත්දැකීමට මුහුණ දුන්නේ නම් එය මෙරට සංචාරක කර්මාන්තයටද විශාල හානියක් බවයි.

පහසුකම් නැතිව පටන් ගෙන අද ඩුබයි හි රෝහල් තුනක අයිතිකාරිය වන ‘ඩුබායි’ පළමු දොස්තර නෝනාගේ කතාව

ඇගේ නම සුලේඛා ඩාවුඩ්. සුලේඛා ජීවත් වන්නේ එක්සත් අරාබි එමීරයේ. එමීරය ඇය හඳුනන්නේ එරට පළමු වෛද්‍යවරිය හැටියටය.

දැනට අසූ වියේ පසුවෙන සුලේඛා 1963 අවුරුද්දේ දවසක ‘ඩුබායි’ භූමියට අහසින් සැපත් මොහොත සිහිපත් කරන්නීය.

“මම ඩුබායි භූමියට ‘පාත් වුණ’ දවස්වල එතැන ගුවන් තොටුපොළක් තිබුණේ නැහැ. අපි ආවේ හරියට පැරෂුට් වලින් බැස්සා වගෙයි. එතැන තිබුණේ ධාවන පථයක් විතරයි. පොළොවේ පය ගහනවත් එක්ක දරා ගන්න බැරි උෂ්ණත්වයක් තිබුණේ” සුලේඛා වසර පනහකට අධික අතීතය සිහිපත් කරයි.

සුලේඛා ‘ඩුබායි’ පදිංචිය තෝරා ගන්නා කාලයෙහි එහි විධිමත් රෝහල් නොවුණි.

වෛද්‍යවරුන් ගෙන්වා ගන්නා ලද්දේ වෙනත් රටවලිනි.

මහජනයාට අප්‍රමාණ රෝගාබාධ වලින් පීඩා විඳීමට සිදු විය.

එහි ක්ෂය රෝගයේ පටන් පාචනය තෙක් විහිදුණ රෝගාබාධ රැසකි.

ප්‍රශූතිය සඳහා පිහිට වීමට කාන්තා වෛද්‍යවරියෝ නොවූහ.

ළමුන් මන්ද පෝෂණයෙන් පෙළෙති.

එදා එවන් තත්වයක පැවති එක්සත් අරාබි එමීරයේ වෛද්‍ය පහසුකම් වෙනුවෙන් පැවති ඉල්ලුම සුලේඛා විස්තර කරන්නේ සිය මතක ගබඩාවෙන් මඳක් විවර කරමිනි.

“මම එමීරයට ලඟා වීමට පෙර ‘ඩුබායි’ ගැන අහලවත් තිබුණේ නැහැ. පැවතුණ තත්වය කොතරම් දුෂ්කරද කියන කාරණය මට වැටහුණේ එහි ලඟා වුනාට පසුවයි. එමීරයේ වැඩ කිරීම ඉතාම දුෂ්කර බව මට තේරුණා” ඇය පවසයි.

වෛද්‍ය සුලේඛා ඩාවුඩ් ‘ඩුබායි’ වෙත ලඟා වූ දිනවල ගුවන් තොටක් තබා වරායක් වත් එහි තිබී නැත.

ජීවත් වෙන පරිසරය ගිනි කබලකට සමාන නමුත් වායු සමීකරණ පහසුකම් එකල සිහිනයක් පමණක් විය.

කොන්ක්‍රීට් යොදා ඉදි කළ මහමාවත් සහ නිත්‍ය බල ශක්ති සැපයුම බොහෝ ඈත වූ සිහින මෙන් විය.

යටිතල පහසුකම් නොමැති හෙයින් සුලේඛා සමඟ පැමිණි සිරියානු සහ ලෙබනන් වෛද්‍යවරු එමීරයට සමු දෙමින් ඔවුන්ගේ රටවල් සොයා ආපසු ගියහ.

එහෙත් සුලේඛා ඔවුන් අතර ‘වෙනත් තැනැත්තියක්’ වූවාය.

“මම තේරුම් ගත්තා එමීරය වෙනුවෙන් මට කරන්න දෙයක් තියෙන බව” වෛද්‍යවරිය පවසන්නේ සාඩම්බරයෙනි.

“මම තේරුම් ගත්තා – මහජනයාට මාව අවශ්‍ය කරන බව. ඉතින් මම වැඩ පටන් ගත්තා”

සුලේඛා වෛද්‍යවරියක හැටියට පුහුණුව ලබා සිටියේ නාරි රෝග විශේෂඥවරියක හැටියටයි.

එහෙත් වෛද්‍යවරුන් නොවූ එමීරයේ විශේෂ උවමනාව පරිදි ඇය පොදු කායික රෝග සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරියක හැටියට රෝගීන් සුවපත් කිරීම ආරම්භ කළාය.

පිළිස්සුම්, සර්පයන් දෂ්ට කිරීම් සහ චර්ම රෝග ඇතුළු සියලු අසනීපවලට ප්‍රතිකාර කිරීමට ඇයට සිදු විය.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලද සුලේඛා ඩාවුඩ් වෛද්‍යවරිය, ඩුබායි කරා ලඟා වුණේ කිසිදු පෙර සැලසුමක් අනුව නොවේ.

‘නාග්පුර්’ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලද ඇය ඉල්ලුම් කර තිබුණේ කුවේටයේ පිහිටි ඇමෙරිකානු මිසමක වෛද්‍යවරියක හැටියට කටයුතු කිරීම සඳහාය.

එහෙත් කුවේටයට පැමිණි ඇය එතැනින් ‘ඩුබායි’ කරා එවනු ලැබුණි.

_99414012_7c04df10-af0b-4789-98a1-dff5eb4ba3d1

අවිවාහක තරුණියකට එසේ හුදෙකලාව වෙනත් දේශයක් කරා ගමන් ගැනීමට ඇය අයත් සාම්ප්‍රදායික ඇගයුම් සහිත මුස්ලිම් පවුලකින් අවසරයක් ලැබේද?

සිය වාසනාවට තම දෙමව්පියන්ගෙන් ඒ සඳහා අවසර ලද බව දැන් මහළු වියේ පසුවෙන වෛද්‍යවරිය පවසන්නීය.

“මගේ දෙමව්පියන් මගේ ගමනට මාව දිරිමත් කළා”

සුලේඛා සිය පළමු වෙද මෙහෙවර ආරම්භ කරන ලද්දේ වැඩි වශයෙන් ගෝත්‍රික ජනයා පදිංචි ‘ඩුබායි’ කාන්තාරයේ ඉදි කරන ලද තාවකාලික රෝහල් මඩුවක සිටයි.

මාස කීපයක් එහි වෛද්‍යවරියක ලෙස කටයුතු කරද්දී ‘සාජා’හිත් සායන කටයුතුවල නිරත වෙන මෙන් සුලේඛාට දැනුම් දෙනු ලැබුණි.

ඇයගේ හාම්පුතුන් සාජාහි කුඩා සායනයක් ආරම්භ කිරීමත් සමඟ එම ඉල්ලීම ඉදිරිපත් විය.

“ඩුබායි ඉඳල සාජා වලට කිලෝමීටර් දොළහක් තියෙනවා. ඒත් ඒ අතර යන්න එන්න කොන්ක්‍රීට් පාරවල් තිබුණේ නැහැ. අපි ගමන් ගත්තේ කාන්තාරය දිගේ. අපේ වාහන නිතරම වගේ වැල්ලේ එරුණා” ඇය එදා ජීවිතය සිහිපත් කරන්නීය.

සුලේඛා ගේ සායන කටයුතුවල ප්‍රගතියත් සමඟ ඇය සඳහා වූ පිළිගැනීමත් දළු ළා වැඩෙන්නට විය.

‘ඩුබායි’ සහ ‘සාජා’ වැසියන් විසින් තරුණ වෛද්‍යවරිය සලකන ලද්දේ තමන් ලද “සුවිශේෂී ත්‍යාගයක්” ලෙසයි.

එමීර් වාසියෝ ඇයට අනන්ත සම්මාන පුදන්නට වූහ.

_99414013_13d3a494-63c7-49f9-9aaa-23931d6b370d

1971 දී එක්සත් අරාබි එමීරය රාජ්‍යයක් මට්ටමින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද අතර ඒ සමඟ රටේ වෛද්‍ය පහසුකම් ද වේගයෙන් වර්ධනය වන්නට විය.

ඒ සමඟ වෛද්‍ය සුලේඛා ඩාවුඩ් ගේ ජීවිතයේත් නැග්ම ආරම්භ විය.

සමාජය ගමන් ගනිමින් පැවති දිශාව තේරුම් ගත් ඇය පෞද්ගලික රෝහලකට මුල පිරුවාය.

අද ඇය රෝහල් තුනක හිමිකාරියයි.

ඉන් එකක් සිය මව්බිම වන ඉන්දියාවේ ‘නාග්පූර්හි’ පිළිකා රෝහලකි.

සුලේඛා ඩාවුඩ් යනු අද එක්සත් එමීරය තුළ කීර්තිමත් නාමයකි.

_99414014_4ebffe7e-2659-4dac-a9bd-3aa3b9f93089

වෛද්‍යවරියක හැටියට වසර පනහකට අධික කාලයක මහජන සේවයෙන් අනතුරුව දැන් ඇය සිය සේවය තමාගේම ‘සාජා’ රෝහලේ පැය කීපයකට සීමා කොට විශ්‍රාම සුවය ලබයි.

සුලේඛා එමීරයේ වාසය කළත් සිය මව්බිම වන ඉන්දියාව සමඟ පවතින බැම්ම පවත්වා ගැනීමේ අධිෂ්ඨානයෙන් තමා ලද ඉන්දීය විදේශ ගමන් බලපත්‍රය දිගටම නොවෙනස්ව තබා ගත්තාය.

“ඒත් මම ආපසු යන්නේ නැහැ.මම දැන් අයිති මේ භූමියටයි. ඉන්දියාව සමඟ මගේ බැම්ම දිගටම තියෙනවා. මගේ මිනිස්සු ජීවත් වෙන්නේ ඉන්දියාවේ. ඒත් මගේ අද නිවස මෙතැනයි”

“තිසර පෙරේරා එක්ක මට ගමනක් යන්න බෑ” කණ්ඩායමේ නායකත්වය වෙනුවෙන් හතුරුසිංහ – ලැබ්‍රෝයී හැප්පෙති

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි අතර ශ‍්‍රී ලංකා එක්දින පිලේ නායකයා පත්කිරීම සම්බන්ධයෙන් ගැටලුවත් නිර්මාණය වී තිබෙන බව සතිඅන්ත මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබේ. එම ගැටුම මේ වනවිට ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල සහ ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙතටද යොමු වී ඇති බවත් එම වාර්තා වල දැක්වේ.

ශ‍්‍රී ලංකා එක්දින පිලට නැවතත් නායකයකු පත්කිරීම පිළිබඳව කථාබහක් නිර්මාණය වී තිබේ. එංගලන්තයේදී 2019 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට තවත් වසරක පමණ කාලයක් ඉතිරිව ඇති අතර එම තරගාවලිය දක්වා ස්ථිර නායකයකු පත්කිරීම දැන් ප‍්‍රධානම ගැටලුව බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් හෝ ආන්ජලෝ මැතිවුස් දෙදෙනාගෙන් එක් අයෙකු පත් කිරීම චන්දික හතුරුසිංහගේ අරමුණ බව සදහන් , කෙසේ වෙතත් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රෝයිට අවශ්‍යව තිබෙන්නේ තිසර පෙරේරා නායකත්වයේ රදවා ගැනීම බව සදහන්.

කෙසේ වෙතත් තිසර පෙරේරා සමඟ තමන්ට සාර්ථක ගමනක් යා නොහැකි බවට හතුරුසිංහ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානීන්ට දන්වා ඇති බවත් එයට සාර්ථක ප‍්‍රතිචාරයක් මේ වනවිටත් ක‍්‍රිකට් ප‍්‍රධානීන් දක්වා ඇති බවත් වාර්තා වේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ජනවාරි මස 7 වැනිදා පවත්වන විශේෂ මහ සභාවේදී පුහුණුකරු තේරීම් කමිටු සාමාජිකයකු ලෙස පත්කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය හැකිය.

කෙසේ වෙතත් මෙම නායකත්වයේ ප‍්‍රශ්නය ඉදිරි සතිය තුළ විසඳාගත යුතුව තිබේ. තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍ය වෙත පවසා තිබුණේ පත්කරන නායකයාගේ හැකියාව මත ඔහු 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා නායකත්වයේ තබා ගන්නවා ද යන්න තීරණය කරන බවයි.

ජේ.ආර්ගේ චන්ද්‍රිකාගේ මහින්දගේ වෙඩි නොවදින කාර් මුහුදේ ගිල්වයි

ගතවූ වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා ගෙන්වා තිබූ වෙඩි නොවදින මෝටර් රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර ඇත. මර්සිඩීස්‌ බෙන්ස්‌ හා ජගුවර් වර්ගයේ මෙම මිල අධික මෝටර් රථ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ කරුණා අම්මාන්ට ගෙන්වූ ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය ද වේ.

හිටපු ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ විසින් මේ වෙඩි නොවදින රථ භාවිත කර ඇත.

මෙම රථ ගැඹුරු මුහුදේ හෙළීම භාරවී ඇත්තේ නාවික හමුදාවටය.

එම රථවල සන්නිවේදන සහ වෙනත් උපාංග ද ඉවත් කර ඇත.

වෙඩි නොවදින කාල්ටර් ආවරණයෙන් යුතු මේ රථ මුහුදේ හෙළීමට තීරණය වී ඇත්තේ එම රථ වෙන්දේසියේ අලෙවි කළහොත් පාතාලයට සම්බන්ධ පිරිස්‌ ඒවා මිලයට ගැනීමට ඉඩ ඇති නිසා බවට වාර්තා වීමයි.

වසර ගණනාවක්‌ පැරණි මේ රථ අලුත්වැඩියා කිරීම සඳහා විශාල වියදමක්‌ දැරීමට සිදු වන බව ද වාර්තා වේ.

ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ පුංචි පුතා සහ බිරිඳ එක්ක ගත්ත ඡායාරූප ටිකක් අන්තර්ජාලයේ

ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ පුංචි පුතා සහ බිරිඳ එක්ක ගත්ත ඡායාරූප ටිකක් අන්තර්ජාලයේ

1

7

3 5

6

2

4