ජනප්‍රිය යොවුන් නළු තුසිත ධනුෂ්ක කවුරුත් නොදත් රහසක් හෙළි කල හැටි

ටිං ටිං කියන නමින් අතිශය ජනප්‍රියත්වයට පත්වූ තුසිත ධනුෂ්ක කාලයක් රංගන කටයුතුවලින් ඈත්වෙලා හිටියා. නමුත් ආයෙත් සිය සුපුරුදු රාජකාරිය අරඹමින් තුසිත කලා නිර්මාණවල නිරන්තරයෙන් දකින්නට ලැබෙන චරිතයක් බවට පත් වෙලා. ඉතිං තරුණ වයසේ ඉන්න තුසිතට ආදරය දැනෙන්නේ කෙහොමද කියන එක ගැන සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මේ විදිහට…

ආදරේට නිර්වචනයක් දෙන්න?
හැමෝටම තියෙන්න ඕන, හැමෝම ලබන්න ඕන සුන්දර දෙයක් තියෙනවා නම් ඒ තමයි ‘ආදරය.’

පාසල් ප්‍රේමය සුන්දරද?
ඒ කාලයේ පවතින සහ ඇතිවන ට්‍රෙන්ඩ් එකට අනුව ඇතිවන හැඟීමක් විතරයි මං දකින පාසල් ප්‍රේමය

ආදරේ මුලින්ම හිතට දැනෙනකොට වයස කීයද?
දැනුමක් තේරුමක් තියෙන කාලේ ඉඳන් ආදරේ දැනුණා.

ආදරය ප්‍රකාශ කළ යුත්තේ හැමවිටම පිරිමි ළමයාද?
එහෙම නියමයක් නෑ. මුලින්ම ආදරේ දැනුණ කෙනයි ඉස්සර වෙන්න ඕන.

අප්‍රකාශිත ආදරයක් ඔබට තිබේද? තිබුණද?
ආදරේදි හදවත සීමිතයි. දැනෙන ප්‍රමාණයක් තියෙනවා. එහෙම ආදර කතාත් තියෙනවා. නමුත් හදවතටම දැනුණේ එක ආදරයයි.

ආදරේ කරන දෙදෙනකුගෙන් හැමවිටම පෙම්වතා වැඩිමහල් විය යුතුද?
එහෙම නියමයක් ලෝකේ කොහේවත් නෑ.

ඔබට වඩා වයසින් වැඩිමල් කෙනෙක් ගැන ආදරේ හිතිලා තියෙනවාද?
මං ජීවිතේ වැඩිපුරම ආදරේ කරන ඇය මගේ පෙම්වතිය පූර්ණි චමත්කා කුලරත්න. ඇය මට වඩා අවුරුද්දක් වැඩිමල්.

පෙම්වතියගෙන් ලැබුණු පළමුවැනි තෑග්ග මොකක්ද?
රතුපාට ටීෂර්ට් එකක්.

ඇය ඔබට ආදරේට කියන නම මොකක්ද?
ඇය මට කියන්නේ ‘සුදු බෝලේ’ කියලා.

ගැහැනියකගේ ඔබට ආදරේ හිතෙන්නේ මොන ගතිගුණවලටද?
අම්මා කෙනෙක් දරුවෙක් ආරක්ෂා කරනවා වගේ හැමදාම මං ළඟින්ම ඉන්න, චාම් වගේම සරල විදිහට ජීවත් වෙන, ආදරෙන් ජීවිතේ බෙදාගන්න පුළුවන් හොඳ ගතිගුණයන් තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ආදරේ හිතෙනවා.

ආදරේ විවාහයෙන් කෙළවර වෙනවාද?
හැම ආදර කතාවකටම විවාහයක් දක්වා යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ආදරය ඉන් කෙළවර නොකරගෙන.

විවාහය නිසා මිනිස්සු වෙනස් වෙන්නේ කොහොමද?
ඒක ඉතින් එකිනෙකාගේ මානසික මට්ටම අනුව වෙන දෙයක්. දෙන්නට දෙන්නා තේරුම් අරන් නම් විවාහ ජීවිතේ ගෙනියන්නේ, වෙනස් වෙන්න වුවමනාවක් නෑනේ.

විවාහය ලියාපදිංචි කළ යුතුද? ඒ ඇයි?
ලංකාවේ තියෙන නීතියට අනුව නම් ‘ඔව්’ ලියාපදිංචි කළ යුතුයි. නමුත් අපි විවාහ නොවී අවුරුදු හතරක් ඔස්ට්‍රේලියාවේ එකට ජීවත් වුණා. මේ ප්‍රශ්නෙට බලපාන්නේ සංස්කෘතිය සහසම්ප්‍රධායන් කියන සීමාවන් විතරයි.

ආදරය සහ රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම ආදරේදි රාගය තියෙන්න ඕන. ආදරේ පවතින්න රාගය එක සාධකයක් වෙනවා.

ඇය සමග තරහ වුණාම ඔබ මොකද කරන්නේ?
ඇයගේ ඔෆීස් එකට මල් යවනවා.

ඒ තරහව කොච්චර කාලයක් තියෙනවාද?
එයාට මාව දැකපු ගමන් තරහව අමතක වෙනවා.

විහරව එක පේළියකින් විස්තර කරන්න?
විරහව තුළ කියාගන්න බැරි දුකක් තියෙන්නේ. මෑතකදී දැකපු සිදුවීම්වලින් ඒ දුකේ තරම කොච්චරක්ද කියලා පැහැදිලි වෙනවා. නමුත් මෝඩ තීරණ නම් මං අනුමත කරන්නේ නෑ.

සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැනිද? ඒ ඇයි?
ලෝකයේ රටවල් අතරින් බහුතරයක සමලිංගිකත්වය අනුමත කරලයි තියෙන්නේ. නමුත් ලංකාවේ සම්ප්‍රධායට අනුව ඒක විය යුතු දෙයක් නෙවෙයි. පෞද්ගලිකව මම විරුද්ධ වෙන්නේ නෑ. ඒක ඔවුන්ගේ අයිතිය.

ආදරය එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
අනිවාර්යයෙන්ම ආදරේ එක්කෙනෙක්ට සීමා විය යුතුයි.

මේ වෙද්දි ගෑනු ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවාද?
එහෙම දාලා ගියා කියන්න බෑ. වයසත් එක්ක පරිණත වෙනකොට ආදරෙත් පරිණත වෙනවනේ. එතැනදි හොඳට හිතලා බලලා හරි තීරණ අරන් තියෙනවා.

 

” කාල “චිත්‍රපටයේ මුහුරත් උළෙලට බිරිඳ එක්ක චතුර සේනාරත්නත් පැමිණි හැටි

මේ දින වල ප්‍රදර්ශනය වන  ” කාල ” චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දිනක පැවැත්වුනා. ප්‍රවීණ කලා කරුවන් මෙන්ම නවක පරපුරේ කලා කරුවන් රැසක් මෙම මංගල දර්ශනය සඳහා සහභාගී වූනා.  පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න සිය බිරිඳ සහභාගී වී සිටීම එක් විශේෂ කරුණුක් වුන අතර “කාල චිත්‍රපටය මේ වන විට දිවයින පුරා ප්‍රදර්ශනය කෙරෙනවා. මේ එහි  මංගල දර්ශනයේ ලබා ගත් ඡායාරූප කිහිපයකි………..

සින්දුවක විෂුවල් හදන ගමන් කෙල්ලෙක්ව හොරෙන් වීඩියෝ කරන්න ගිහින් ගායකයාට කම්මුල් පහරක්

සින්දුවක විෂුවල් හදන ගමන් කෙල්ලෙක්ව හොරෙන් වීඩියෝ කරන්න ගිහින් ගායකයාට කම්මුල් පහරක්

ටෙස්ට් තරගාවලිය ජයගත්තේ දේව බලයකින්ද

ටෙස්ට් තරගාවලිය ජයගත්තේ දේව බලයකින්ද …චන්දිමාල් සත්‍ය හෙළි කරයි
ටෙස්ට් තරගාවලිය ජයගත්තේ දේව බලයකින්ද මෙන්න චන්දිමාල් ලංකාවට ඇවිත් එ ගැන කියපු කතාව

වාහනයක යනකොට ආරක්‍ෂිතම සීට් එක තෝරාගන්න ක්‍රමවේදය මෙන්න

වාහනයක යනකොට ආරක්‍ෂිතම සීට් එක තෝරාගන්න ක්‍රමවේදය මෙන්න

ගස් ගානේ ඇවිදලා ඇට හොයලා පැල තවාන් කරලා පැළ සිටුවන කොල්ලො දෙන්නෙක්

රටේ ඇති වන සංවර්ධනයත් සමඟ පරිසයට විශාල ලෙස හානි සිදු වෙනවා. රටේ දේවල් සංවර්ධනය වුනාට නොදැනීම සිදුවන පරිසර විනාශය ගැන අවධානයක් යොමු නොකිරීම නිසා වටිනා ශාක වර්ග, රැසක් දිනෙන් දින අහිමිවෙනවා,

රඹුක්කන මාර්ගයක් සංවර්ධනයේදී විනාශ වී ගිය ගස් නැවත රෝපණය කරන්න උත්සහ දරණ අපූරු තරුණයින් දෙදෙ‍ෙනකු ගැන සමාජ මාධ්‍ය ජාල වලින් දැන ගන්න ලැබුනා. මොවුන් දෙදෙනා මාර්ගය දෙපස නැවත පැළ රෝපණය කර සිය ෆේස් බුක් ගිණුම තුළ සටහන් කර තිබුනේ මෙසේය….

” කාගෙන්වත් රුපියලක් නොගෙන අපි දෙන්නා එක්ක ගස් දහස් ගානක් සිටුවන්න ඇති ඒ අතරිනුත් මේ කුඹුක් පැල විශේෂයි මොකද අපිම ගස් ගානේ ඇවිදලා කුඹුක් ඇට හොයාගෙන තවන් දාලා පැල ලොකු කරලා එයාලට හරියනම තැනක රෝපණය කළා …

පාරක් අලුතින් හැදුවට පස්සේ ගස් කියක් විනාශ වෙන්න ඇත්ද? කාටත් මතක රඹුක්කන ගස් වලින් පිරුන ඒ මාර්ග කොටස සංවර්ධනයෙන් පස්සේ නිකම්ම නිකන් මුඩු බිමක් උනා එත් තව අවුරුදු 2 3 කින් ආයෙත් ඔක්ෂිජන් දෙන්න පිරවුම් හල් ගොඩක් අද අපි දෙන්නා එක්ක රෝපණය කළා ඔතනින් යන එන කවුරු හරි ඉන්නවනම් අඩුම ගානේ වතුර ටිකක් දා ගෙන පලයල්ලා මොකද අපි දෙන්නටම ඔක්කොම කරන්න බෑ …

මිනිස්සු හරි අමුතුයි අපි පැල හිටවන්න වලි කනකොට , මඩ ගාගෙන දගලනකොට පාරේ යන කාර් කාරයෝ නිකන් බලන් යන්නේ අපි වැරද්දක් කරනවා වගේ .. තවත් සමහරු අහනවා මේ ඔයාලගේ ඉඩමක්ද? කියලා … අපි හැමෝටම අයිති තැනක ඔන්න අපි තවත් වැඩක් කළා එක නිසා අරයගේද මෙයාගේද අහන්නේ නැතුව උබලගේත් හුස්ම හිරවෙනකල් බලන් ඉන්නේ නැතුව කරන්න පුළුවන් දෙයක් කරපල්ලා..

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මතුගම මස් කඩේ හිමිනමක් අරන්

මතුගම නගරයේ එළ හරක් මස් කඩය 2018 වර්ෂය සඳහා රුපියල් 32,25,622ක මුදලකට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් ටෙන්ඩරය ලබාගෙන ඇතැයි මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා කීවේය.

මතුගම ප්‍රාදේශීය සභාවේ එළ හරක් මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල් 22,60,150ක් වූ අතර 2018 වර්ෂයේ අවම ටෙන්ඩර් මුදල රුපියල් 24,86,165ක් විය යුතු බව ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබිණ. ඒ අනුව දැනට මස් කඩය පවත්වාගෙන යන මුස්ලිම් ව්‍යාපාරිකයා හා භික්ෂුන් වහන්සේ නමක් ටෙන්ඩර් ඉදිරිපත් කර තිබිණි. පසුගිය 27දා ටෙන්ඩර් විවෘත කිරීමේදී මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා 27,16,000ක් ලංසු තබා තිබූ අතර මාවිට ඥානරතන නමැති භික්ෂුන් වහන්සේ නමක් රුපියල් 32,25,622ක මුදලකට ලංසු තබා ඇත. ටෙන්ඩර් පත් අනුව 2018 ජනවාරි සිට මතුගම එළහරක් මස් කඩය ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට හිමිව ඇත.

මස් කඩ ටෙන්ඩරය ලබාගත් මාවිට ඥානරතන හිමියෝ ප්‍රකාශ කරන්නේ මතුගම ගවමස් කඩය වසා දමන්නැයි 2015 වසරේදිත් ඊට පසුවත් කිහිප අවස්ථාවකදී ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කළත් නීතිමය ගැටලු නිසා එය ඉටුකළ නොහැකි බව ප්‍රාදේශීය සභාව ප්‍රකාශ කළ බවයි. ඒ අනුව 2018 වර්ෂයේ මස් කඩ ටෙන්ඩරය ලබාගෙන සභාවට බදු මුදල් ගෙවා මස් කඩය වසා දැමීමට පියවර ගන්නා බව මාවිට ඥානරතන හිමියෝ කීහ. දකුණු ආසියාවේ උසම හිටි පිළිමය පිහිටි මතුගම ඓතිහාසික පූජනීය නගරයක් බවත් සතිපොළ පැවැත්වෙන ඉරිදා හා බදාදා දිනවලදී දිනකට ගවයන් දෙදෙනකුගේ මස් අලෙවි කරන තත්ත්වයක් ඇති නිසා මෙම පියවර ගත් බවත් මේ සඳහා මහා සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් විශාල ඉල්ලීමක් හා සහයෝගයක් ඇති බවත් ඥානරතන හිමියෝ කීහ.

මේ පිළිබඳව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා කීවේ වැඩිම ටෙන්ඩර් මුදලට මස් කඩය හිමිවන නමුත් ටෙන්ඩර්කරු ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බවයි. ඒ අනුව දින හතකට වඩා මස් කඩය වසා තැබිය නොහැකි බවත් ගිවිසුමේ නීති කඩකළහොත් අදාළ ටෙන්ඩරය අවලංගු වන බවත් අසෝක රණසිංහ මහතා කීවේය.

කවුරුත් හිටියේ නෑ ගයාන් පෙරේරා කටුක අතීතය මතක් කල හැටි

කවුරුත් හිටියේ නෑ ගයාන්  පෙරේරා කටුක අතීතය මතක් කල හැටි