නිහඩව සිටි කාවිංග පෙරේරා අවසානයේ සියල්ල හෙළි කරයි .

ඔහු ගැන අටුවාටීකා අවශ්‍ය නැත. ඔහුගේ නම ඇසූ පමණින් ඔහු රටම දනි. පිට පිට තෙවන වතාවටත් සුමති සම්මාන උළේලේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය හිමි කර ඔහු කාවිංග පෙරේරා . තමන්ට ලැබුනු සම්මානය සහ සිය කලා කටයුතු පිළිබදව පුවත්පතක් සමග එක්ව කාවිංග හෙළි කර තිබුනා. එම සංවාදය පහතින්

සුමති සම්මාන උලෙළේ දී තුන් වන වරට තමයි ඔබ ජනප්‍රියම නළුවා සම්මානය ලබාගන්නේ? 

ඔව්, මට ජනප්‍රියම නළුවා සම්මානය තුන්වන වරට ලබාගන්නත් වාසනාවන්ත වුණා. මෙවර මට ඒ සම්මානය හිමිවෙයි කියලා මම හිතුවෙ නැහැ. නමුත් එය මට හිමිවීම ගැන සතුටක් තිබෙනවා. මට මේ සම්මානය හිමිකර දුන් ප්‍රේක්ෂකයන්ට ස්තුති වන්ත වෙනවා. ඔවුන් මං වෙනුවෙන් එස්.එම්.එස්. හා කූපන් පත් එවලා තිබුණා. මගේ ජීවිතයේ මම සල්ලිවලට වඩා මිනිස්සු ගොඩක් හම්බකරලා තියනවා. එය මගේ අප්පච්චි මට කියලා දුන්න දෙයක්. ජනප්‍රිය වෙන්න රංගන ශිල්පියෙක්ම විය යුතු නැහැ. වටිනාම දේ මිනිසුන් සමග ජීවත් වීම. අවංකව මනුස්ස බැඳීම් තියාගත්තොත්, ඔහු හැමදාම ජනප්‍රියයි. මම හිතනවා මම සාර්ථකයි කියලා.

මේ සම්මාන උලෙළ පැවැත්වීමට පෙර සහ සම්මාන උලෙළ පැවැත් වීමෙන් පසුවත් මෙහි විනිවිධභාවය ගැන ප්‍රශ්න ඇති වුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? 

සම්මාන උලෙළක් පැවැත්වීම සම්බන්ධයෙන් මට කිසිම විවේචනයක් නැහැ. ඕනෑම රංගන ශිල්පියෙක්ගේ හෝ ශිල්පිනියෙක්ගේ අවසාන අභිප්‍රාය සම්මානයක්. තිරය පිටුපස සිට ඒ නිර්මාණවලට කොතරම් කැප වෙනවද කියන කාරණය දන්නේ අපි විතරයි. සමහර දිනවල රූගත කිරීම්වලට උදෑසන හතරට පමණ පිටත් වෙන්න සිදු වෙන්නේ. එහෙම විවිධ කැපකිරීම් කරන ශිල්පීන්ට සම්මාන උලෙළක් පැවැත්වීම සම්බන්ධව මම සතුටු වෙනවා. සුමති සමූහ ව්‍යාපාරයට ස්තුතියි වන්ත විය යුතුයි. නොකඩවා වසර 22ක් මේ සම්මාන උලෙළ පවත්වනවා. ලංකාවෙ ඉන්න මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ශිල්පීන්ට ලබාදෙන ඇගයීම සම්බන්ධව මම හදවතින් ස්තුතියි වන්ත වෙනවා. සම්මාන උලෙළවල් විවේචනය කරන්න මට අයිතියක් නැහැ. මට තියෙන්නේ මං ගැන විවේචනයක් පමණයි. මට මාව විවේචනය කරගත්තොත් මාව හදාගන්න පුළුවන්. සම්මාන නොලැබුණ කාලේ විවේචනය කරලත් නැහැ, සම්මාන ලැබුණ කාලෙක විවේචනය කරන්න යොමු වෙලත් නැහැ. මට සම්මාන ලැබිය යුතු කාලයේ සම්මාන ලැබුණා. මම මුලින්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ 2007 දී. මම මේ ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ රවින්ද්‍ර විජේරත්න, තරංග දිසානායක හා සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය. මගේ මුල් ගුරුවරුන් දෙදෙනා එච්.ඒ. පෙරේරා මහතා සහ මහේන්ද්‍ර පෙරේරා මහතා. අදටත් මහේන්ද්‍ර පෙරේරා මහත්තයාගෙන් රංගනය සම්බන්ධ සමහර කාරණා මම ඉගෙන ගන්නවා. 2007 සිට 2015 සම්මානය ලබාගන්නකම් මං මාව නිර්මාණය කරගත්තා. කාවිංග පෙරේරා කියන්නේ කවුද කියන අනන්‍යතාවය මම නිර්මාණය කරගත්තා. මම හිතන්නේ හරි වෙලාවෙදි හරි දේවල් මට ලැබුණා.

මේ වනවිට කාවිංග දකින්න ලැබෙන්නේ &මල් හතයි* ටෙලි නාට්‍යය නිර්මාණය තුළින්? 

ඔව්. එය සති අන්තයේ විකාශය වෙන්නේ. ඒ වගේම &මන්දාරම් ගිනි* කියන නිමේෂ් ලොකුබණ්ඩාර මහත්තයාගේ නිර්මාණයක් ආරම්භ කළා. මම ගොඩක් නිර්මාණ භාරගෙන කරන කෙනෙක් නෙමෙයි. මගේ කාල කළමනාකරණය කරගෙන නිෂ්පාදක ආයතනවලට අපහසුවක් නොවන විදිහට මම මගේ වැඩ කටයුතු සිදුකරනවා. &මල් හතයි* ගැන කතා කළොත් එහි එක් පුද්ගලයෙක් සතියේ දින හතට චරිත හතක් නිරූපණය කරනවා. එය ලොකු අභියෝගයක්. සමාජයේ සිටින සමහර පුද්ගයන් කාන්තාවන්ගෙන් මුදල් ලබාගැනීම අරමුණු කරගෙන කරන්නා වූ ක්‍රියා අන්තර්ගත වෙනවා.

කාවිංගට සිනමාවට වේදිකාවට දායක වෙන්න තවම අවස්ථාවක් හිමි වී නැහැ?

පාසල් යන කාලෙ දී මම වේදිකාවට සම්බන්ධ වුණා. නමුත් චිත්‍රපටවලට මට තවම ආරාධනාවක් ලැබුණෙ නැහැ. මම කාලයට භාරදීලා ඉන්න කෙනෙක්. මම හිතනවා කාලයත් එක්ක මට ඒ දේවල්වලට දායක වෙන්න ලැබෙයි කියලා. හිමින් යන තරමට ගමනක් තියනවා කියන විශ්වාසය මගේ හිතේ තියනවා. ඉදිරියේ දී ඒ අවස්ථාව ලැබෙයි.

ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය තුළ වර්තමානයේ සිදුකරන නිර්මාණ ගැන කතා කළොත් ඒ ගැන සෑහීමකට පත්විය හැකිද?

මට උඩ බලාගෙන කෙළ ගහගන්න බැහැ. කලාව කියන්නේ මගේ දෙවැනි පවුල. ඕනම පවුලක තියන ප්‍රශ්න කවදාවත් එළියේ සමාජයට දෙන්නේ නැහැ. යම් යම් ආයතනවල, නිර්මාණකරුවන් අතර යම් යම් ගැටලු ඇති වෙනවා. ඒක සාමාන්‍යය ස්වභාවය. විදේශීය නාට්‍යය, රූපවාහිනි නාළිකාවල විකාශය කිරීම සම්බන්ධයෙන් නම් මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ලංකාවෙ හොඳ අධ්‍යක්ෂකවරුන් සිටිනවා. ඒ වගේම හොඳ නිර්මාණ තිබෙනවා. විදේශ රටවල නිර්මාණ විකාශය කිරීම නැතිවෙලා යයි කියලා හිතනවා.

ඉදිරියේ දී දකින්න ලැබෙයි යනුවෙන් අදහස් කරන්නේ මේමොහොතේ එවැනි නිර්මාණ කිරීම අපහසුයි කියන එකද? 

මේ වනවිට හොඳ නිර්මාණ නිෂ්පාදන ආයතන බිහිවෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වෙයි. එහෙම අපහසුවක් නැහැ, නිර්මාණ සිදුවෙනවා. ඒ නිර්මාණ මිනිසුන් අවශෝෂණය කරගන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්න තිබෙනවා. ප්‍රේක්ෂකයන් ඉක්මනට දෙයක් ගන්නෑ දෙපාරක් තුන්පාරක් හිතලා බලනවා. ඔවුන් ඒ නිර්මාණ ගැන නොතේරුම් ගැනීම නිසාම නිර්මාණ ප්‍රතික්ෂ්‍රේප කර තිබෙනවා. මෙවැනි තත්ත්වයකදී තමයි ඕනෑම නාළිකාවක් ගුවන් කාලය අලෙවි කරන්නේ කොහොමද කියලා හොයන්න උත්සහ කරන්නේ. ඒ උත්සහය තුළ දී ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. ලංකාවෙ මිනිස්සු බුද්ධිමත්. ඔවුන් නිර්මාණ ගැන කතා කරන්න යොමුව තිබෙනවා. ඒ කතිකාවත එක්ක හොඳ නිර්මාණවලට ඉඩක් ලැබෙයි.

රංගන ශිල්පියෙක් ලෙස ඉදිරි සැලසුම් මොනවද? 

මට මුලින් රංගනයට යොමු වෙන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මම එය භාරගන්නේ නැහැ. මම මේ ගැන ඉගෙන ගන්නවා. රංගනය ගැන වසරක් පමණ වැඩමුළුවලට දායක වෙලා විදේශගතවත් ඒ ගැන ඉගෙන ගත්තා. මේ යන ගමනේ දක්ෂතම රංගන ශිල්පියා වෙන්න අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා. රංගනය එකවර හදාරන්න පුළුවන්කමක් නැහැ. හොඳ නිර්මාණවලට දායක වී දක්ෂතම රංගන ශිල්පියා වෙන්න උත්සහ කරනවා. මේ වනවිට ලැබෙන නිර්මාණවලට දායක වී ඒ නිර්මාණවලට දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

සංවාදය : අද පුවත්පත

TOYOTA PRIUS / KDH වාහන වල මිල ගණන් තවත් 90% පමණ වැඩි වේ

මෙවර අයවැයෙන් Toyota Prius / KDH වාහන වල මිල ගණන් තවත් 90% පමණ වැඩිවන බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.එය දැනටමත් තීරණය කර අවසන් බව තව දුරටත් කියවේ. මෙම වැඩි කිරීමට හේතුව ලෙස පවසන්නේ මෙම කාණ්ඩයේ වාහන එන්ජින් දාරිතාව වැඩි , සුපොගබෝගී කාණ්ඩයට අයත් වාහන ලෙස ලෝක ශ්‍රේණි ගත කර තිබීම බව නිසාය . නමුත් Honda සහ Honda civic ,Wagon r රථ සදහා 45% පමණ බදු අඩු කිරීමක් ගැන ආරංචි මාර්ග සඳහන් කරයි.එසේම ලංකාවේ වාහන තදබදය සහ වායු දුෂණය අඩු කිරීම සදහා නව ප්‍රවාහන සංකල්ප ඉදිරි ජනවාරිය තුල ලංකවට ගෙන ඒමට මුලික සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කර ඇතිබව සැලවේ .

එමෙන්ම දැනට පවතින ලක්ෂ 50 කට පමණ විකිනෙන භාවිතාකරන ලද Toyota Prius රථයක් ඉදිරි අයවැයෙන් පසු ලක්ෂ 95 කට අසන්න මුදලකට අලවීවිය හැකිබව පැවසේ .කෙසේ වුවත් මෙවර අයවැයෙන් බයික් සහ ත්‍රීවීල් බදු වැඩිකිරීමක් හෝ අඩුකිරීමක් නොකරන බවටත් , ත්‍රීවීල් සදහා දැඩි නීති ගෙන එන බවටත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථවලට සහ විදුලි මෝටර් රථවලට පනවා ඇති බදු අඩු කිරීමට රජය අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම රජය මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත.මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.

 

කසාඳ බදින්නේ නෑ කිව්ව උදයන්ති කාටත් හොරෙන් මනාලියක් වෙලා

කසාඳ බදින්නේ නෑ කිව්ව උදයන්ති කාටත් හොරෙන් මනාලියක් වෙලා

“සුමති සම්මාන උළෙල මට නම් තරගයක් කියලා දැනුණෙ නෑ” දෙවෙනි ඉනිමේ දෙවුමිගෙන් ආන්දෝලනාත්මක කතාවක්

සුමති සම්මාන උළෙල මට නම් තරගයක් කියලා දැනුණෙ නෑ” දෙවෙනි ඉනිමේ දෙවුමිගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ඇය නමින් නයනතාරා වුණත් ප්‍රේක්ෂකයන් ඇයව හඳුනන්නේ ‘දෙව්මි’ නමින්. ඒ ජනප්‍රියත්වය කෙතරම්ද කියතොත් රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේ ජනප්‍රියම නිළිය වූ ඇය මෑතකදී පැවැත්වූ සුමති ටෙලි සම්මාන රාත්‍රියේදිත් ජනප්‍රියතම නිළිය ලෙස කිරුළු පලඳිනවා. වසරේ ජනප්‍රිය නිළියගේ සම්මානයක සතුට වචන බවට ලියැවුණේ මෙහෙමයි.

දෙවැනි වතාවටත් ජනප්‍රියම නිළිය වෙන්න පුළුවන් වුණා නේද? මොකද හිතෙන්නේ?
ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය විඳින්න තවත් අවස්ථාවක් ලැබුණා කියලයි මට නම් හැඟෙන්නේ. ඔවුන්ගේ ඒ ආදරය තමයි අද මාව ජනප්‍රිය නිළිය හැටියට හැමෝම ඉදිරියට අරන් ඇවිත් තියෙන්නේ. ගොඩක් සතුටුයි ඒ ආදරණීය ප්‍රතිචාර නොඅඩුව ලැබිමට තරම් මම සුදුස්සකු වීම ගැන.

ජනප්‍රිය නිළිය කියන දේ ඔබ කොහොමද දකින්නේ

ජනප්‍රිය නිළිය කියන තැන රැකෙන්නේ ප්‍රේක්ෂක ආදරය සහ කැමැත්ත මත. ඔවුන්ගේ ආදරයේ සහ කැමැත්තේ එකතුවක ප්‍රතිඵලයක් හැටියට ජනප්‍රිය නිළිය සම්මානය පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මං දකින දේ නිතරම දකින්න හිටියා කියලා ඒ වටිනාකම ගොඩනගා ගන්න අමාරුයි. අපි කරන එක චරිතෙත් හොඳට ප්‍රමාණවත් ප්‍රේක්ෂක හදවතේ අපි වෙනුවෙන් ඉඩක් වෙන්කරගන්න.

රයිගම් ටෙලි සම්මාන රාත්‍රියට වඩා මෙවර ලොකු තරගයක් තිබුණා කියලා හිතෙන් නැද්ද?

මට නම් තරගයක් කියලා හැඟීමක් දැනුණෙ නෑ. නමුත් රසික රසිකාවියන් තුළ උදේ‍යා්ගයක් තිබුණා කියලා නම් මට දැනුණා. එහි ප්‍රතිඵලය දෙවැනි වරටත් මාව ජනප්‍රිය නිළිය බවට පත්කළා.

ජනප්‍රියම නිළිය වෙන්න එස්.එම්.එස්. සඳහා ඔබට කීයක් වියදම් වුණාද?

වියදම් කරගෙන ජනප්‍රිය වෙන්න තරම් අවශ්‍යතාවක් ඇත්තටම මට නෑ. ඒක නිරායාසයෙන්ම ප්‍රේක්ෂක හදවතින් ලැබෙන දෙයක්. කෙසේ නමුත් ජනප්‍රිය වෙන්න වියදම් කරන්න තරම් හැකියාවකුත් මට නෑ.

ජනප්‍රියත්වයට බලපාන්නේ රූපයද? හැකියාව

දක්ෂතාව නම් අනිවාර්ය සාධකයක් වෙනවා ප්‍රේක්ෂක හදවත්වලට සමීප වීමේදී. ප්‍රසිද්ධ වෙන්නත් ඕනම කෙනෙක්ට පුළුවන්. රූපය හරහා වුණත් ප්‍රසිද්ධිය ළඟාකරගන්න පුළුවන්. නමුත් ජනප්‍රියත්වය ඉන් එහා ගිය දෙයක්. මොකද අපේ හැකියාවට මිනිසුන්ගේ ආදරය එකතුවෙලා ගොඩනැගෙන වටිනාකම හැටියටයි මම ජනප්‍රියත්වය දකින්නේ.

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් අඩුවක් නැතුව ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලැබෙන හැම ප්‍රතිචාරයකම තියෙන්නේ ඔවුන්ගේ ආදරය. ඒ ආදරය මට හොඳට දැනෙනවා. මොකද මං ජීවත් වෙන්නේ ඔවුන්ගේ ආදරය සහ ආශිර්වාදය එක්ක නිසා. මට ඔවුන්ව දැනෙනවා.

හොඳම නිළිය වෙන්න අදහසක් නැද්ද?

ජනප්‍රිය කිරුළ වගේම හොඳම නිළිය කිරුළත් මගේ බලා‍පොරොත්තුවක්. ඒ වෙනුවෙන් ලැබෙන අවස්ථා තෝරලා බේරලා මගේ හැකියාව ඒ සඳහා යොදවන්නයි මං උත්සාහ ගන්නේ. මේ වෙනකොටත් අලුත් නිර්මාණයක වැඩ කරගෙන යනවා. සම්මාන බලා‍පොරොත්තුවෙන්ම රඟපාන නිළියක් නම් ‍නෙවෙයි මම. නමුත් ඇගැයීමක් ලැබිය යුතුයි නම් අනිවාර්යයෙන්ම ඒ දේත් ලැබෙයි.

දෙවැනි ඉනිම හරහා සමාජයට වැරදි ආදර්ශයක් දෙනවා කියලා කියනවා. ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

ඕනම කෙනෙක්ට හොඳ හෝ නරක ප්‍රතිචාර දැක්වීමේ ස්වාධීන අයිතියක් සහ නිදහසක් තියෙනවා. ඒක වැරදි කියන්නේ නෑ මං, නමුත් මේ අපේ රටේ අපේ කලාකරුවන්ගේ නිර්මාණයක්. මුලින්ම අපි ඒ දේයි අගය කළ යුත්තේ. දෙව්මිලා, සමන්තලා, අනුහස්, අවන්ත, උදේනි, රවී වගේ චරිත අපි අතර ජීවත් වන සජීවී චරිත හැමෝගෙන්ම හිතින් ‍පොඩ්ඩක් අහලා බැලුවොත් උසස් පෙළ කා‍ලේ ජීවිතේ සුන්දරත්වය කිසිම කෙනෙක් මේ තුළ වරදක් නොදකීවි. මගේ දැක්ම නම් සජීවී, සංවේදී චරිත රඟන ස්වභාවික නිර්මාණයක් තමයි දෙවැනි ඉනිම කියන්නේ.

සමහර අධ්‍යක්ෂවරු කියනවා සම්මානයක් දෙකක් ගත්තාම නළු නිළියෝ හරි ආඩම්බරයි කියලා. ඔබටත් ඒ කතාව අදාළයිද?

මේ වනතුරු නම් කිසිම කෙනෙක්ගෙන් ඒ විදිහේ ප්‍රතිචාර නම් ලැබිලා නැහැ. ඇත්තට මං ආඩම්බර චරිතයක් ‍නෙවෙයි. සම්මානයක්ම ලැබුණයි කියලා අනවශ්‍ය විදිහට ආඩම්බර වෙන්න අවශ්‍ය නෑ.

සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?

චිත්‍රපට තුනකට රංගනයේ යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. බොහෝ දුරට ඒ නිර්මාණවල වැඩ මේ වෙනකොට අවසන්. සම්භාව්‍ය ගණයේ සහ වාණිජමය නිර්මාණ හැටියට ඒ චිත්‍රපට හරහා සිනමාව තුළිනුත් මාව දකින්න පුළුවන් වේවි.

මතෛක් පැමිණි ගමන් මගේ කාටද ස්තුති කරන්න තියෙන්නේ?

මේ වෙනතෙක් මම රංගනයේ යෙදුණු හැම නිර්මාණයකම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම දෙවැනි ඉනිම අපේ කණ්ඩායම වගේම ටී.වී. දෙරණ මේ ගමනට ලොකු හයියක් වුණා. ඔවුන්ටත් ආදරණීය ප්‍රේක්ෂක පිරිසටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතරින් චන්න පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන ‘භාවාත්මා’ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ප්‍රේක්ෂක හදවත්වලට සමීප විය හැකි තවත් චරිතයක් කියල මට එහි චරිතය දැනෙනවා. ලැබෙන අවස්ථා තුළින් හොඳ චරිත තෝරාගෙන ප්‍රේක්ෂකයන් අතරට ඒමයි මගේ බලා‍පොරොත්තුව.

නදුනි ආරියවංශ

 

ඔබේ ජංගම දුරකථනයේ සැඟවී ඇති රහස් 9ක් මෙන්න මීට කලින් මේවා ගැන දැනගෙන හිටියාද?

Lock Screen Message (අඟුළු වැටුණු තිරය මත දිස්වෙන පණිවිඩය)

හිතන්න ඔබේ ෆෝන් එක නැති උනා කියලා. මේ වගේ වේලාවක ඔබේ දුරකථන තිරය මත කුමන හෝ ආකාරයක lock එකක් දමා තිබේ නම් එය ඇහිද ගත් පුද්ගලයාට දුරකතනයේ අයිතිකරු පිලිබදව කිසිම හෝඩුවාවක් ලබා ගන්නට බැරි වෙනවා. මෙවන් අවස්ථාවකට කල් තබා සුදානම් වීමට නම් ඔබට පුළුවන් lock screen පණිවිඩයක් දුරකථනය තුල save කර තබන්න. එවිට දුරකථන තිරය අඟුළු වැටි තිබෙන අවස්ථාවක එම පණිවිඩය තිරය මත නිරුපණය වීමට පටන් ගන්නවා. මෙම පණිවිඩය ලෙසට ඔබේ වෙනත් දුරකථන අංකයක් හෝ ඊ මේල් ලිපිනය ලබා දෙන්නට පුළුවන්. ඔබ භාවිතා කරන්නේ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය තිබෙන දුරකතනයක් නම් Settings > Lock Screen And Security > Lock Screen Signature යන පාත් එක ඔස්සේ ඔ lock screen පණිවිඩයක් ඔබේ දුරකථනයට ඇතුලත් කර තබන්න පුළුවන්.

Anti – Theft App (සොර සතුරු ආරක්ෂා මෘදුකාංග)

ඔබට හිතෙනවා නම් දුරකතනයේ ආරක්ෂාව උදෙසා Lock Screen Message එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ කියලා ඔබට පුළුවන් Cerberus වැනි සොර සතුරු ආරක්ෂා මෘදුකාංගයක් ( Anti – Theft App) Play Store වෙතින් භාගත කොට භාවිතා කරන්න. මෙවැනි ඇප් එකක් දුරකතනයට ස්ථාපනය කොට ඇති අවස්ථාවක, දුරකතනය අස්ථාන ගත වුවහොත් ,ඔබට නැති වූ දුරකතනයේ කැමරාව හොර රහසේම විවෘත කර ජයාරූප ගැනීමට , දුරකතනයේ මයික්‍රෝෆෝනය ක්‍රියාත්මක කොට අවට ශබ්ධයට සවන් දීමට , GPS මගින් දුරකතනය තිබෙන ස්‌ථානය සොයා ගැනීමට , දුරකතනයේ ගබඩා වී ඇති සියලු දත්ත මකා දැමීමට /  දුරකතනය අඟුළු දැමීමට හා අවශ්‍ය නම් දුරකතනයේ ස්පිකර් මගින් විශාල ශබ්ධයක් වුවත් ඇති කරවන්නට පුළුවන්.

දුරකතනයේ මතකය ඉතුරු කර ගැනීමට (Save The Memory )

ඔබේ දුරකතනයේ මෙමරි ෆුල් වන විට ඔබට පුලුවන් මෙමරි කාඩ් එකක් හෝ Drop Box වැනි Cloud සේවාවක් යොදා ගෙන ඉඩ වැඩි කර ගන්න. නැතිනම් දුරකතනයේ දත්ත පරිගණකයට කොපි කිරීම මගින්ද මෙමරියේ ඉඩ පහසු කම් වැඩි කර ගන්නට පුළුවන්. නමුත් මේ කිසිවක් සිදු නොකර මෙමරි ෆුල් වී ඇති අවස්ථාවක ඉඩ සාදා ගැනීමට අපුරු උපක්‍රමයක් තිබෙනවා. ඒ තමයි Telegram Messanger ඇප් එක. මෙමගින් ඔබේ සියලුම දත්ත පණිවිඩයක් ලෙසින් save කර ඔබටම send කර ගන්නට පුළුවන්. ඔබට අවශ්‍ය වූ විට පමණක් පණිවිඩයේ save කර ඇති දත්ත ඔබේ දුරකතනයේ මතකය වෙත භාගත කර ගන්න.

CCTV කැමරා පද්ධතියක් ලෙස භාවිතා කල හැකි වීම

ඔබේ නිවසේ හෝ ඔබ සතු වටිනා වස්තුන් ආරක්ෂා කර ගැනීම සදහා ඔබේ ස්මාර්ට් දුරකතනය CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. මේ සදහා ඔබ කල යුතු වන්නේ Play Store වෙත පිවිස CCTV apps ලෙසින් searh කොට ලැබෙන ප්‍රතිපල වලින් ඔබට වඩාත්ම සුදුසු ඇප් එකක් භාගත කර ගැනීමයි.

කාර් එකේ ඩෑෂ් කෑම් එක ලෙසින් භාවිතා කරන්නත් පුළුවන්

ඔව් ඔබට අවැසි නම් ඔබේ මෝටර් රථයේ ඉදිරිපස දර්ශන ඩෑෂ් කෑම් එකක් මගින් පටිගත කර ගැනීමට ඒ සදහා ඔබට ඔබේ ජංගම දුරකතනය වුවද පහසුවෙන් යොදා ගන්නට පුළුවන්. මේ සදහාද ඔබ කල යුතු වන්නේ පෙර පියවරේ වගේම Play Store වෙත පිවිස Dash Cam Apps ලෙසින් search කර ඔබට වඩාත්ම සිත් ගත් ඇප් එක භාගත කිරීමයි.

ඉදිකිරීම් කටයුතු සදහා

ගොඩනැගිලි වැනි යම්කිසි ඉදිකිරීමක් සිදු කරන විට ඔබේ දුරකතනය ප්‍රයෝජනවත් වේවි කියා ඔබ කිසිදා නොසිතන්නට ඇති. නමුත් ඉදිකිරීමේ කටයුතු වලදී නිතර අවශ්‍ය වන ලඹයක් ලෙස ඔබේ දුරකථනය භාවිතා කරන්නට පුළුවන්. Play Store එකෙන් ලබා ගන්නා Bubule Level වැනි ඇප් එකක් මගින් පහසුවෙන්ම ඔබේ දුරකතනය ලඹයක් බවට පරිවර්තනය වේවි

මැජික් මෙනුව

ඔබ දුරකතනයේ අස්සක් මුල්ලක් නෑරම පරිශීලනය කරන කෙනෙක් නම් මේ කියන්නට යන දේ ඔබට ඉතා  වැදගත් වේවි.  ඔබේ දුරකතනයේ Developer Mode නමැති මැජික් මෙනුව විවෘත කර ගැනීම මගින් දුරකථන නිෂ්පාදකයා save කර එවූ සාමාන්‍ය settings වෙනස් කර ඔබට අවශ්‍ය පරිදි දුරකථනය සකස් කර ගැනීමට පුළුවන්. මේ සදහා settings ගොස්  About the Phone ගොස් ඇපල් දුරකතනයක් නම් Model Number හා Android දුරකතයක් නම් Build Number මත එක දිගට හත් වරක් Click කරන්න. එවිට Developer මෙනුව විවෘත වීම සිදු වෙනවා. මෙමගින් ඔබට අවශ්‍ය පරිදි සංඥා ග්‍රහණය කර ගැනීමේ හැකියාව (Signal Reception Quality ) හා මෙහෙයුම් පද්ධතියේ අලංකාරවත් බව සකසා ගන්නට පුළුවන්

අමුතු දත්ත

ජංගම දුරකතනයට ඔබ දැඩි ලෙස ඇබ්බැහි වී ඇතැයි කියා ඔබේ දෙමාපියන් චෝදනා කරන්නේ නම් ඔබ කොතරම් දුරකතනයට ඇබ්බැහි වී ඇද්ද යන්න දන ගැනීමට පහසුකමක් ඔබේ දුරකතනයේම තියෙනවා. ඔබ භාවිතා කරන්නේ ඇපල් දුරකතනයක් නම් settings මෙනුවට ගොස් battery මත click කරන්න. එවිට පැමිණෙන මෙනුවේ ඔබ අවසන් දින 7 තුල වැඩියෙන්ම කාලය ගත කල වෙබ් අඩවි app පිලිවෙලින් ඒ සදහා ඔබ නාස්ති කල පැය ගණන සමගින්ම ලබා ගන්නට පුළුවන්. ඔබ භාවිතා කරන්නේ ඇන්ඩ්‍රෝයිඩ් දුරකතනයක් Play Store ලබා ගත හැකි Instant වැනි සරල ඇප් එකක් ඔස්සේ ඔබේ කාල නාස්තිය පිළිබද දත්ත දැක ගැනීමට පුළුවන් වේවි.

මොනොක්‍රොම් තිරය

ඔබ නිතරම දුරකතනය මගින් විවිධ දේවල් කියවීම සිදු කරනවා නම් එක දිගට වර්ණවත් තිරය දෙස බලා සිටීම නිසා දෑස් වලට අපහසුතාවයක් ඇති වන්නට පුළුවන්. ඒ වගේම දුරකතනයේ බැටරිය ඉක්මණින්ම බැස යාමත් සිදු වෙනවා. මේ ගැටළු දෙකම එකවර විසදා ගත හැකි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දුරකතනය මොනොක්‍රොම් තත්වයට (Monochrome Mode) පත් කර ගැනීම. මෙසේ සිදු කර ගැනීමෙන් ඔබේ දුරකථනයේ තිරය කළු සුදු (Black & White ) එකක් බවට පත් වෙනවා. මෙය ක්‍රියාත්මක කර ගැනීම සදහා අපි අර කලින් කියලා දුන්නු මැජික් මෙනුව විවෘත කර ගන්න. එහි simulate anomaly ඔස්සේ Monochrome Mode On කර ගැනීමට පුලුවන්.

දුබුරු ළමිස්සි සින්දුවට අක්කලා ටික පද්දන පැද්දිල්ල කොහොමද බලන්නකෝ

දුබුරු ළමිස්සි සින්දුවට අක්කලා ටික පද්දන පැද්දිල්ල කොහොමද බලන්නකෝ

හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න යුරේනි අඩ අඩ කිව්ව දුක්බර කතාව

හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න යුරේනි අඩ අඩ කිව්ව දුක්බර කතාව

යතුරු පැදියක් බස්රථයේ ගැටී තරුණයන් දෙදෙනෙකු වැටෙන හැටි CCTV කැමරාවේ සටහන් වූයේ මෙහෙමයි

යතුරු පැදියක් බස්රථයේ ගැටී තරුණයන් දෙදෙනෙකු වැටෙන හැටි CCTV කැමරාවේ සටහන් වූයේ මෙහෙමයි

ඕෂධිගේ හොදම යාළුවා පියුමි නිරුවත් වෙනකොට ඕෂධී කරගත්ත දේ මෙන්න

ඕෂධිගේ හොදම යාළුවා පියුමි නිරුවත් වෙනකොට ඕෂධී කරගත්ත දේ මෙන්න